සුදුවෑන් සිද්ධියට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍රව පොලිසියට කැඳවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 24, 2018

සුදුවෑන් සිද්ධියට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍රව පොලිසියට කැඳවයි

2007 වර්ෂයේදි සුදුවෑන් මගින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන නඩුවේ වරෙන්තුකරුවකු වූ නේවි සම්පත් හට රැකවරණය දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ
පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, හිටපු නාවික හමුදාපති සහ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන 27 වැනිදා පෙරවරු 10 ට දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස  දන්වා ඊයේ   (23) ලිපියක් යොමු කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිද්ධියට අදාළව පසුගිය සැප්තැම්බර් මාසයේ ද ඒ මහතා කැඳවූවත් නොපැමිණි බවත්, ඒ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අවස්ථා දෙකකදී අධිකරණය නියෝග කර ඇති බවත් පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ පැවැත්වූ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ  ප්‍රධානී නිශාන්ත සිල්වාට එල්ටීටීඊයට සම්බන්ධ බවට චෝදනා උපුටා දක්වමින් ඔහුව තනතුරින් මාරු කිරීමට ආද්මිරාල්වරයා පසුගියදා පොලිස්පතිවරයා වෙත දැන්වූ අතර පසුව පොලිස්පතිවරයා ජනපති උපදෙස් සහිතව ඔහුව මාරු කළේය.
නමුත් පසුව ඇතිවූ විරෝධතාවලින් පසුව නිශාන්ත සිල්වා යලි සේවයේ පිහිටුවන ලද අතර ඔහු තම රාජකාරී නැවත අරඹමින් අද්මිරාල්වරයාව කැඳවා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad