සුගන්ධිකා ගවුම ඇන්ද නිසා නිතිඥවරියගේ ඇඳුම ගැසට් එකකින් වෙනස් කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 11, 2018

සුගන්ධිකා ගවුම ඇන්ද නිසා නිතිඥවරියගේ ඇඳුම ගැසට් එකකින් වෙනස් කෙරේ

https://www.gossiplankanews.com/2018/10/sugandhika-frock-lady-lawyers-dress.html#more
නීතිඥවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් රජය මගින් නිකුත් කර තිබේ.  ඒ අනුව, කාන්තා නීතිඥයන් සුදු, කළු හා අහෝ රත්නිල් පැහැති සාරි හා හැට්ටය හෝ දණහිස මට්ටමට පහළ සුදු, කළු, අළු හෝ රත්නිල් පැහැති ගවුම හෝ කබාය නම් කර තිබේ.
එමෙන්ම වළලුකර දක්වා දිගු, කළු කලිසම හා උස් කර සහිත
අත්දිග සුදු කමිසය සහ කළු ලෝගුව පෙන්වා දී තිබේ.

මේ අතර, ගර්භනී ඇඳුම ලෙස සුදු අත්දිග කමිසය සමඟ දණහිස් මට්ටමට පහළ, උස් කර සහිත කළු ගවුම සහ කළු කබාය හෝ කළු ලෝගුව සමඟ ඉහත දැක්වූ නිවැරැදි වර්ණයන්ගෙන් හෙබි සාරිය හා හැට්ටයද හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය කළ ඉල්ලීමකට අනුව අගවිනිසුරුවරයා ප්‍රමුඛ අධිකරණ සේවා කොමිෂන් සභා සාමාජිකයන් ගනු ලැබූ තීරණයකට අනුව එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
මින් ඉහත නීතීඥ සුගන්ධිකා ප්‍රනාන්දු අධිකරණයට ගවුමක් ඇඳගෙන පැමිණීමෙන් පසු ඇඳ සිටි ඇඳුම ගැන ආන්දෝලනයක් ඇති විය.

ඇය පසුගිය ජුනි මස මාරවිල අධිකරණයේ නඩු විභාගයකට ගවුමක් උඩින් නීතීඥ ලෝගුව ඇඳගෙන පැමිණිම හේතුවෙන් මහෙස්ත්‍රාත්වරයා විසින් අවවාද කළ සිද්ධියක් වාර්තා වියත ඇය ගවුමක් ඇඳ පැමිණම ගැන මාරවිල නීතිඥ සංගමය විරුද්ධවී තිබුණි.ඔවුන් නීතිඥවරිගේ ඇඳුමට විරුද්ධව අධිකරණයට ලිපියක් මඟින් කරුණු වාර්තා කර තිබුණි. සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය දින ගණනාවක් පිජාමා වර්ගයේ ගවුමක් ඇඳ පැමිණ අධිකරණයට අගෞරවයක් වන අයුරින් කටයුතු කළ බව එහි දැක්විණි.

ඒ දිනවල මෙම සිද්ධිය පිළිබඳව මාධ්‍ය කළ විමසීමේදී නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය තමන් ගවුමක් ඇඳ අධිකරණයට ගිය කතාව සත්‍ය බව පිළිගන්නා නමුත් ඊට නීතියෙන් අවසර ඇති බව පවසා තිබුණි.
නීතියේ පැවති හිදැස වසා ඇඳුම ගැන නව ගැසට් නිවේදනය නිකුත් කරවන්නට ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ අනුව කටයුතු කර තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad