දුමින්ද සිල්වාගේ අභියාචනයේ තීන්දුව - මරණ දඩුවම නිවැරදියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 11, 2018

දුමින්ද සිල්වාගේ අභියාචනයේ තීන්දුව - මරණ දඩුවම නිවැරදියි

https://www.gossiplankanews.com/2018/10/duminda-silva-appeal-result.html
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට නියම කොට තිබූ මරණ දඬුවම තහවුරු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීරණය කළා.  ඔහු ඉදිරි පත් කළ අභියාචනය ඒ අනුව ප්‍රතික්ෂේප විය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුලු පුද්ගලයින් සිවු දෙනෙකු ඝාතනය කිරීම නිසා
2015 සැප්තැම්බර් මස 8 දා ලැබුණ උසාවි තීන්දුවක් ප්‍රකාරව මරණ දණ්ඩනයට නියම ව සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකු තමන් එයට නිවැරදිකරුවන් බවටත් නිදොස් කොට නිදහස් කරන ලෙසත් ගොනු කර ඇති අභියාචන පෙත්සම පසුගිය දිනවල විභාග වූ අතර එහි

තීන්දුව අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කරන ලදි ඒ අනුව මරණ දඩුවම වෙනුවට ඔහුට දිගටම ජීවිතාන්ත සිර දඩුවම විඳීමට සිදුවනු ඇත.

මෙම තීන්දුව අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, විනිසුරු  බුවනෙක අලුවිහාරේ, විනිසුරු ප්‍රසන්න ජයවර්ධන ,විනිසුරු නලින් පෙරේරා සහ විනිසුරු විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කරන ලදි.

2011 ඔක්තෝබර අට වැනි දා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ  සැකකරුවෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මෙම සිද්ධිය නිසා ඒ කාලයේ බරපතල තුවාල ලැබූ බවත් වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගිය බවත් වාර්තා වූ අතර මවුන්ට් එළිසබෙත් රෝහලේ දීර්ඝ කාලයක් ගත කර වසර 2 ක ඇවෑමෙන් 2013 මාර්තු මස ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය. පසුව ඔහුට මේ ගැන ‘මතකය මැකීගොස්‘ ඇති බවට උසාවියට ප්‍රකාශ ලබාදී තිබුණ අතර අවස්ථා කීහිපයකදීම නැවත රෝහල් ගතවිය.

මිනීමැරීම, කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීමට තැත් කිරීම හා නීති විරෝධී ජනරාශිය යන චෝදනා යටතේ රහස් පොලීසිය දුමින්ද සිල්වා ඇතුළු පිරිසට එරෙහිව නඩු පවරා තිබුණි. 2015 සැප්තැම්බර් මස 8 දා දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනකුට මරණ දඩුවම නියම වී තිබුණි.




No comments:

Post a Comment

Post Bottom Ad