විස කිරි පැකට් කෙප්ප ගැසූ විමල්ට කංචනට ෂෙහාන්ට අපහාස නඩු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 11, 2018

විස කිරි පැකට් කෙප්ප ගැසූ විමල්ට කංචනට ෂෙහාන්ට අපහාස නඩු

ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයට විෂ සහිත කිරි පැකට් ලබාදුන් බවට අසත්‍ය චෝදනා එල්ල කළ විමල් වීරවංශ, කංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ යන මන්ත‍්‍රීවරුන්ට
එරෙහිව රුපියල් කෝටි 50 ක් (මිලියන 500) ඉල්ලා එන්තරවාසි

යවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා ඊයේ (10 වැනිදා)  පැවසීය.

එවැනි අසත්‍ය චෝදනාවක්‌ නඟා මුස්‌ලිම් ජාතිකයකු වන තමා පිළිබඳව කොළඹ සිංහල ජනතාව තුළ කලකිරීමක්‌ ඇති කොට සිංහල - මුස්‌ලිම් ප්‍රශ්නයක්‌ ඇති කිරීමට ඔවුන් උත්සාහ දැරූ බවත් එමඟින් තම කීර්ති නාමයට සිදු වූ හානිය සම්බන්ධව අදාළ වන්දි මුදල ඉල්ලා සිටින බවත් හෙතෙම කීය.

මේ සම්බන්ධව තමන් පොලිසියට පැමිණිලි දෙකක්‌ ඉදිරිපත් කර ඇතැයි ද මේ වනවිට තම නීතිඥවරයා මඟින් එම මන්ත්‍රීවරුන්ට එරෙහිව එන්තරවාසි යෑවීමට කටයුතු සූදානම් කර ඇතැයි ද ඊයේ (10 වැනිදා) සිරිකොත පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඒකාබද්ධ විපක්‍ෂය පසුගිය සැප්තැම්බර් මස 05 දා කළ උද්ඝෝෂණයේ අසාර්ථක බව වසා ගැනීමට තමා ඉලක්‌ක කර ගනිමින් මෙම අසත්‍ය චෝදනාව නඟා ඇති බවත් එමඟින් තම කීර්ති නාමයට දැඩි කැලලක්‌ එල්ල කිරීමට උත්සාහ කර ඇති බවත් මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් පැවසීය.

-අකිත පෙරේරා-

No comments:

Post a Comment

Post Bottom Ad