රෝගී දරුවා සුව කරන්න ෆොටෝ එකක් මුහුණුපොතට දැම්මයි විරසක වෙලා බිරිය සැමියාව දාලා ගිහින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 4, 2018

රෝගී දරුවා සුව කරන්න ෆොටෝ එකක් මුහුණුපොතට දැම්මයි විරසක වෙලා බිරිය සැමියාව දාලා ගිහින්

රෝගී දරුවකු සුව කර ගැනීම සඳහා උපකාර කරන ලෙස ඉල්ලා දරුවාගේ ඡායාරූපයක් මුහුණුපොතට ඇතුළත් කිරීම ලැජ්ජාවක් බව පවසමින් බණ්ඩාරගම ප්‍රදේශයේ කාතාවක් දරුවා හා ආබාධිත සැමියා හැර ගොස් ඇති බවට බණ්ඩාරගම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.  දස හැවිරිදි පූර්ණ ආබාධිත තත්වයට පත් තම එකම පුතු ඉතා අපහසුවෙන් කරපින්නාගෙන පැමිණි ආබාධිත පියකු ළමා හා කාන්තා කාර්යාංශයේ
ස්ථානාධිපති උප පොලිස් පරිසෂිකා අනුෂා හේමාල් මය හමුවට පැමිණ තිබුණේ විත්ති පාර්ශවය වෙනුවෙනි. වයස අවුරුදු දහතුනක පමණ දැරියක් සමඟ පැමිණ සිටි පැමිණිලිකාරියටද හිඳ ගැනීමට සැලසු උප පොලිස් පරීක්‍ෂක ඔවුනගේ ගැටලුව ගැන සොයා බැලීය.

මේ මනුස්සයා මට අපහාස කරනවා. ඒකයි මම පැමිණිල්ල දැම්මේ පැමිණිලිරිය කීවාය. මොකක්ද ඔයාට කළ අපහාසය කියන්න බලන්නැයි උප පොලිස් පරික්‍ෂකව විමසුවාය. මෙයා ළමයාගේ ෆොටෝ ෆේස්බුක් දාලා මටයි දුවටයි ලැජ්ජාවේ බෑ මිස්. ඇය චෝදනා කළාය. මොකක්ද මේ කියන්නේ. උප පොලිස් පරීක්‍ෂකවරීය වග

උත්තරකරුගෙන් විමසූ විට මිස් මට සමාවෙලා පොඩි කාලයක් දෙන්න කතා කරන්න පවසා ඔහු මේ කතාව කියන්නට විය.  අපි දෙන්නා විවාහ වෙලා වසර විසිහතරක්, මෙයා ජීවිත්තේ නැති කර ගන්න හදනවා කියලා මට ආරංචි වුණා. මම එයාට කීවා ඔයා තනිවෙලා නෑ තනි කරන්නෙත් නෑ. මම හැමදාම ඔයා ආදරයෙන් බලා ගන්නවා කියලා. අපි විවාහ වුණේ එහෙමයි.

අවුරුදු දහතුනකට ඉස්සෙල්ලා අපිට ලැබුණු දුව තමයි මේ ඉන්නේ. දෙවැනියා පුතා. දැන් වයස අවුරුදු දහයයි. පුතාට මාස හයේදී රෝහලින් ලබා දීලා තිබුණු කල් ඉකුත් වූ එන්නතක් නිසා ඉන්නේ රෝගී තත්වයෙන්. කතා කරන්න බැහැ. බෙල්ල කඩා වැටෙනවා. අත් පා  අප්‍රාණිකයි. මීට කලින් පුතාට වසර දෙකක් වෙද්දී මෙයා පුතාව පුටුවකට තියා ගැටගහලා දුවවත් එතැනම තියලා ත්‍රිරෝද රථයක් ගෙන්වා එයාගේ ඇඳුම් පැලඳුම් අරගෙන ගෙදරින් ගිහින් තිබුණා. මම ඒ පිළිබඳව මේ පොලීසියේම පැමිණිල්ලක් දාලා තියෙනවා මිස්. මම අවුරුදු 19දී යතුරුපැදි අනතුරකින් ආබාධිත වුණු අයෙක් වුවත් පානදුර ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාව කළා. කිසිම අඩුපාඩුවක් කළේ නැහැ මිස් මම මෙයාට. එයා මාවයි දරුවෝ දෙන්නයි දාලා ගෙදරින් ගියාට පස්සේ මම රැකියාවට ගියේ නැහැ. දරුවෝ දෙන්නාට බලාගෙන නිවෙසට වෙලා මම දෑතේ හයියෙන් මුදල් හම්බ කළා.

මම තිබුණු සන්තකමය විකුණලා මගේ පුතාව සනීප කරන්න නොගත් උත්සාහයක් නැහැ. ඔහොම ඉන්න අතරේදී මීට වසර හයකට ඉහතදී දුව එක්කරගෙන ගියා මිස්. මගේ දැන් එකම බලාපොරොත්තුව මගේ පුතාව සනීප කර ගන්න මිස්. මගේ දුක සැප හොයන්න ඉන්නේ මිතුරන් විතරයි. මගේ පුතාගේ රෝගී තත්ත්වය සියැසින් දුටු මහත්තයෙක් පුතාගේ ෆොටෝ එක ෆේස්බුක් දාලා තියෙනවා. පුතාගේ අසනීපය සුව කරගන්න උපකාර කරන්න කියලා. ඔන්න ඕකයි මිස් මට කියන්න තියෙන්නේ යැයි දෑසේ කඳුළු වගුරමින් පැවසීය.

උප පොලිස් පරීක්‍ෂකවරිය ඇතුළු බණ්ඩාරගම පොලිසියේ එම අවස්ථාවේ සිටි පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන්ගේ දෑස් කඳුලින් තෙත් කිරීමට දරුවාගේ පියා කළ කතාව හද සසල කරවන්නක් විය.  සියල්ල අසා සිටි උප පොලිස් පරීක්‍ෂකවරිය පැමිණිලිකාරිය අමතා තමන්ගේ චරිත සහතිකය තමයි ඔය. නමුත් ලැජ්ජා වෙන්න ඕන දරුවාව සුව කරගන ෆේස්බුක් දාපු එකට නොවෙයි.  රත්තරන් ස්වාමිපුරුෂයකුටයි, රත්තරන් දරුවෝ දෙන්නකුටයි කළ අපරාධය යැයි පැවැසීමත් සමඟ ඇය සැමියාට බැනවදිමින් පොලිසියෙන් පිටවී ගියාය.

-එම්.සී.පෙරේරා-

No comments:

Post a Comment

Post Bottom Ad