දඹුල්ලේ මඩ වලවල් 5 යි - ශ්‍රී ලංකා එංගලන්ත තරගය අත්හරී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 10, 2018

දඹුල්ලේ මඩ වලවල් 5 යි - ශ්‍රී ලංකා එංගලන්ත තරගය අත්හරී


අද (10) දඹුල්ල අන්තර්ජාතික ක්‍රීඩා පිටියේ ආරම්භ වූ ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්තය අතර පළමු එක්දින
තරගය වර්ෂාව හා පිටියේ තරග කරන්නට බැරි පසුබිම මත අත්හරින්නට තීරණය විය.
තරගය ආරම්භ කරන අවස්ථාවේ කාලගුණය බාධා නොවූ අතර එංගලන්ත පිල ඕවර 15 කදී

කඩුළු 2 කට ලකුණු 92 ක් ලබා සිටියේය.
කෙසේ වෙතත් වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කර පසුව අවස්ථා කිහිපයකදී නැවත තරගය ආරම්භ කළ හැකිදැයි විමසා බැලූවත් පිටියේ ස්ථාන 5 කට වඩා මඩ වළවල් පැවතීම හේතුවෙන් කිසිසේත් නැවත තරගය ඇරඹිය නොහැකි බව තීරණය විය.
ඒ අනුව රාත්‍රී 8.15 ට පමණ තරගය අතැර දමන්නට තරග තීරක හා දෙපිලේ නායකයින් එකඟ විය.

No comments:

Post a Comment

Post Bottom Ad