බොරලැස්ගමුවෙදී කාන්තාව පැදවූ වෙස්ල් එකේ හැපුණ කාර් රියදුරු පොලිස් පියා මරුට - බිරිය පුතුන් දෙදෙනාට බරපතලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 30, 2018

බොරලැස්ගමුවෙදී කාන්තාව පැදවූ වෙස්ල් එකේ හැපුණ කාර් රියදුරු පොලිස් පියා මරුට - බිරිය පුතුන් දෙදෙනාට බරපතලයි

https://www.gossiplankanews.com/2018/09/boralesgamuwa-accident.html#more
ද (30) අලුයම 12.45 ට පමණ බොරලැස්ගමුව  වික්‍රමරත්න මාවතේදී සිදුවූ අනතුරක් නිසා එක් අයෙකු මියගොස් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.බොරලැස්ගමුව දෙසට ධාවනය කළ කාර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් කාන්තා රියදුරුවරියක පදවාගෙන පැමිණි වෙසල් වර්ගයේ
ජීප් රථයක ගැටී මෙම

අනතුර සිදු වී ඇති අතර කාර් රථයේ ගමන් කළ පියා මව හා වයස 21 ක් 5 ක්වූ පුතුන් දෙදෙනා බරපතල තුවාල ලබා ඇත. එකම පවුලේ සිව්දෙනා බරපතල තුවාල ලද පසුව අසල්වාසීන් එක්වී කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති නමුත් රිය පැදවූ පොලිස් නිලධාරියෙකුවූ පියා  2.20 ට පමණ මියගොස් ඇත. බරපතල තුවාල ලැබු ඔහුගේ බිරිඳ හා වයස අවුරුදු 21 ක පුතු කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර වයස අවුරුදු 05 පුතු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.
මියගිය අජන්ත ගාමිණි  ගමගේ නමැති වයස අවුරුදු. 51 ක් වූ පියා නො. 68/11, වැව පාර, බොරලැස්ගමුව ලිපිනයේ පදිංචිකරුවකු වන අතර පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටියේය.
මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය 2018.09.30 වන අද දින සිදු කිරීමට නියමිතය. අනතුරට පත් වෙසල් ජීප් රථයේ රියදුරුවරියද තුවාල ලබා ඇති අතර ඇය අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ සිට කළුබෝවිල රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබන්නීය.
බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad