දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක වු පමණින් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා වෙත සියල්ල ප්‍රකාශ කිරීමේ අයිතියක් නොමැති බව ටෙලෝ පක්ෂ නායක සේලවම් අඩෙක්කලනාදන් මහතා පැවසීය.
ටෙලෝ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ වව්නියාවේ පෞද්ගලික හෝටලයක පැවැත්වු අවස්ථාවේදී ඔහු මේ බව මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේය.
එහිදී අඩෙක්කලනාදන් මහතා වැඩි දුරටත් පැවසූවේ ,
‘දෙමළ ජාතික සන්ධානය තුළ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය පමණක් නොපවතින අතර, සන්ධානය තුළ ටෙලෝ හා ප්ලොට් සංවිධානයන්ද පවතින බවටත් සුමන්තිරන් මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා සම්බන්ධයෙන් හා අනෙකුත් ගැටළු සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමේදී අදාළ ප්‍රකාශ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශ වශයෙන් එළි දැක්වීම සිදු නොකළ යුතු බවද කියා සිටියේය.
විග්නේශ්වරන් මහතා හා සුමන්තිරන් මහතා සම්බන්ධයෙන් ගැටළු පැවතියද දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ හා ප්ලොට් සංවිධාන වෙත එවන් ගැටළුවක් නොමැති අතර, එවන් අවස්ථාවක හෙතෙම සිය පෞද්ගලික අදහස පමණක් ඉදිරිපත් කළ යුතු අතර, දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක තනතුර භාවිතා කරමින් සන්ධානයේ මතය ප්‍රකාශයට පත් නොකළ යුතු බවද අඩෙක්කලනාදන් මහතා පැවසීය.
සුමන්තිරන් මහතා සිදුකරන ප්‍රකාශ තුළින් දෙමළ ජාතික සන්ධානයේ මතය පමණක් ප්‍රකාශ නොවන අතර, මන්ත්‍රීවරයා සිදුකරන ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ටෙලෝ හා ප්ලොට් සංවිධාන පරස්පර අදහස් ඉදිරිපත් කොට ඇති අතර සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ තුළින් ඇතැම් අවස්ථාවන්හිදි දමිළ ජනතාව අතරින් පවා දෙමළ ජාතික සන්ධානය වෙත පවතින ප්‍රසාදය ගිලිහි යන ආකාරයක් දක්නට ලැබෙන බවද අඩෙක්කලනාදන් මහතා වැඩි දුරටත් පැවසුවේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Tuesday, September 11, 2018
දෙමල සන්ධානය දෙදරයි.. සුමන්තිරන්ට චෝදනා.. ටෙලෝ මාධ්‍ය කැදවා බැණ වදී..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment