නවක වදය ඉවසා ගත නොහැකිවූ හිමි නමක් රුහුණු සරසවිය අතහැර ගිහින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 20, 2018

නවක වදය ඉවසා ගත නොහැකිවූ හිමි නමක් රුහුණු සරසවිය අතහැර ගිහින්

රුහුණු විශ්වවිද්‍යාලයේ පළමු වසරේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි 26 හැවිරිදි නවක හිමි නමකට එහි භික්‌ෂු නේවාසිකාගාරය තුළදී සිවුර ගලවා නිරුවත් කොට අමානුෂික ලෙස නවක වධය ලබාදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්‌ෂූන් පස්‌ නමක්‌ ලබන 30 වැනිදා තෙක්‌
රක්‌ෂිත බන්ධනාගාර ගත කර

තබන ලෙස මාතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය ඊයේ (19 දා) නියෝග කළාය.

එසේ රක්‌ෂිත බන්ධනාගාර ගත කෙරුණේ එම විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන මාතර සියඹලාගොඩ ධම්මික, හික්‌කඩුවේ ඇටම්පිටියේ ධම්මරක්‌ඛිත, බඩල්කුඹුරේ ලුණුගල ජනපදයේ පඤ්ඤාසාර, බණ්‌ඩාරවෙල හටන්ගල අමිත හා බලංගොඩ දෙනගම සෝභිත යන හිමිවරුන්ය.

භික්‌ෂු නේවාසිකාගාරයේ නාන කාමරය තුළදී සැකකාර හිමිවරු පැමිණිලිකාර හිමියන්ට නවක වධය ලබාදී තිබෙන බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්‌වමින් ප්‍රකාශ කර සිටියේය.

පැමිණිලිකාර හිමියන්ට වෛද්‍ය පරීක්‌ෂණයකට පෙනී සිටීම සඳහා පොලිසිය මාතර මහ රෝහල වෙත ඇතුළත් වන ලෙසට උපදෙස්‌ ලබාදී තිබුණද උන්වහන්සේ නැවත සරසවි අධ්‍යාපනයට නොඑන බව පවසා වැඩවසන විහාරස්‌ථානය වෙත නික්‌ම ගොස්‌ තිබේ.

මාතර මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය මේ පිළිබඳව වැඩිදුර පරීක්‌ෂණ සිදුකරයි.

මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු

No comments:

Post a Comment

Post Bottom Ad