මගීන්ගේ පහසුවට හයිබ්‍රිඩ් බස් 750ක් මෙරටට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 20, 2018

මගීන්ගේ පහසුවට හයිබ්‍රිඩ් බස් 750ක් මෙරටට

විද්‍යුත් බස් රථ 250ක් ඇතුළු නවීන, සුබෝපභෝගී බස්රථ දහසක් හංගේරියානු රජයෙන් ආනයනය කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවසේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.
මෙම බස් රථ නොමිලයේ ලබාදීමට ආයෝජකයන් එකඟතාව පළ කර ඇති බවත් ලබන අප්‍රේල් මාසය වන
විට මෙම බස් රථ

සියල්ල ධාවනයට එක් කිරිමට අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම බස් රථ දහස සඳහා විද්‍යුත් බස් රථ 250ට අමතරව හයිබ්‍රිඩ් වර්ගයේ බස්රථ 750ක් ඇතුළත් බව ද ඔහු පැවසීය.

ලෝකයේ දියුණු රටවල ඇති නවීන තාක්ෂණයන් යුත් මුල්ම බස් රථ කාලයටම ඔබින ලෙස නිපදවා ඇති අතර මගීන්ට පහසු
වන ලෙස එහි පා පුවරුව පහත සිට පිහිටා ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන්  කළේය. එම බස් රථ තොගයෙන් කොටසක් ම  වසරේ දී ලබාදීමට ආයෝජකයන් එකඟතාව පළ කර ඇති බව ද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad