ඇවන්ගාඩ් සිද්ධියට අදාළව අභියාචනාධිකරණය මගින් ලබාදී තිබු තාවකාලික තහනම් නියෝගය හේතුවෙන් එම නඩුව ලබන ඔක්තෝබර් 30 වැනි දා දක්වා කල්තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමට අවකාශය සලසමින් කෝටි 1140 ක් රජයට පාඩු කළැයි කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම පවරා තිබු නඩුව අද (9) අධිකරණය හමුවේ කැඳවිණි. එහිදී ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයට පැවසුවේ අභියාචනාධිකරණය මගින් තාවකාලික වාරණ නියෝගයක් පනවා ඇති බැවින් මෙම නඩුව කල්තබන ලෙසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ද මෙහි චූදිතදෙයකි.
Monday, July 9, 2018
අභියාචනාධිකරණ තීන්දුව නිසා ගෝඨාගේ නඩුව කල් යයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment