ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රියදුරන් තිදෙනෙකු 2011-2014 නිශාන්ත වික්‍රමසිංහ සභාපති කාලයේ රුපියල් ලක්ෂ 60ක අතිකාල ගෙන ඇති බව, ජනාධිපති කොමිසම හමුවේ අද හෙළිව තිබේ.
කොමිසම හමුවේ අද සාක්ෂි දෙනු ලැබු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලේකම්වරිය වන ඩැලරින් තිරුකුමාර්
මේ පිළිබඳ ලිඛිත තොරතුරු ලබන 11 වැනි දින ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙස කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා නියෝග කළා. 2013 වසරේ අධ්යක්ෂ මණ්ඩලය පත්කර ඇත්තේ ද 2003 ව්‍යවසාය මාර්ගෝපදේශනයට පටහැනිව බව ලේකම්වරිය මෙහිදී කියා සිටියාය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ 5ක මාසික දීමනාවක් ලබාගෙන තිබෙන අතර එය, ශ්‍රී ලංකන් සමාගමෙන් ගෙවිය යුතු වුවද, එහි හරි අඩක් ගෙවා ඇත්තේ, ශ්‍රී ලංකන් කේටරින් සමාගමෙන් බව අනාවරණය විය.
No comments:
Post a Comment