හේම නලින් කරුණාරත්න සමුගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 5, 2018

හේම නලින් කරුණාරත්න සමුගනී

ජාතික රූපවාහිනියේ ‘නමයයි පහ‘ නමැති රූපවාහිනී වැඩසටහන නිසා කාලයක් අතිශය ජනප්‍රියත්වයට පත් ප්‍රවිණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා අද මාළඹේ ඔහුගේ නිවසේ සිටියදී ඇතිවූ හදිසි හෘදයාබාධයක් නිසා
අභාවප්‍රාප්තවූ බව සංවේගයෙන් දැනුම් දෙමු.

මියයන විට 55 වන වියෙහි පසුවූ ඔහු ඔහුටම අයත් කේබල් හා අන්තර්ජාල විකාශනයක්වන HTV (හෙරිටේජ් ටීවී) නාලිකාව පවත්වාගෙන ගියේය.

ජාතික රූපවාහිනියේ සේවයෙන් පසු ඔහු ස්වර්ණවාහිනී නාලිකාවට සම්බන්ධ වූ අතර පසුව ඩයලොග් ටීවී හා එක්වී වාර්තා වැඩසටහන් සඳහා වෙන්වූ මෙම නාලිකාව කරගෙන ගියේය.

ඊට අමතරව එච්ටීවී ඇකඩමි නමින් රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය සම්බන්ධ පාඨමාලාවක් පවත්වා යමින් සිය දැනුම නව පරපුර වෙත බෙදාදුන් අයෙකු ද විය.
 ඔහු දිවයිනේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය පාඨමාලාවල දේශකයෙකු ලෙසද එක්වූ අයෙකි.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
 ඔහු 9.05 වැඩසටහන් ඉදිරිපත් කළ හැටි පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad