පෙම්වතා පන්සලට යවා තරුණයෙක් ලවා කලවා ප්‍රදේශය සම්බාහනය කරගත් පෙම්වතිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 25, 2018

පෙම්වතා පන්සලට යවා තරුණයෙක් ලවා කලවා ප්‍රදේශය සම්බාහනය කරගත් පෙම්වතිය

න්තර්ජාල ඇමතුම් මගින් ඉතාලියේ සිටියදී හඳුනාගත් මෙරට පෙම්වතිය හමුවීමට පැමිණ පැය කිහිපයකින් පෙම අවසන් කර ඇයට ලබාදුන් ඇඳුම් ආයිත්තම් ඇතුළු සියලුම දෑ පොලිස් ස්ථානය තුළදීම ගලවාගෙන අවුල ලිහා ගත් පෙම්වතෙකු පිළිබද පුවතක් අනුරාධපුර මූලස්ථාන පොලීසියෙන් වාර්තා වෙයි.
මෙම සිදුවීමට මුහුණ දුන් පෙම්වතා
වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පෙම්වතිය අනුරාධපුර නගර ආසන්නයේ තාවකාලිකව පදිංචි වී සිටින කොළඹ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවකි. අන්තර්ජාල ඇමතුම් හරහා මීට මාස කිහිපයකට පමණ ඉහතදී එම කාන්තාව හා තරුණයා අතර
පෙම් පලහිලව්වක් ගොඩනැගී ඇති බවත් තරුණ කාන්තාව ඉතාලි පෙම්වතාගේ මව හමුවීමට වත්තල පිහිටි නිවසට මීට පෙර ගොස් ඇති බවත් පොලීසිය පවසයි. ඇය වත්තල පිහිටි ඉතාලියේ සිටි තරුණයාගේ නිවසට ගිය පසුව ඔහුගේ මව ඇයගේ සංකර හැසිරීම් රටාව පිළිබඳව අධ්‍යයනය කර පුතා අමතා විලිබියක් නැති එම සංකර තරුණිය සමග ඇති සම්බන්ධය වහාම නතර කරන ලෙස දන්වා ඇත.


එහෙත් තරුණයා මවගේ බසට අවනත නොවෙමින් දිගින් දිගටම පෙම් සබඳතාව පවත්වාගෙන ගොස් තිබේ. මීට දින කිහිපයකට ඉහතදී තරුණයා ලංකාවට පැමිණ ඇති අතර පෙම්වතිය හමුවීම සඳහා මව සමග අනුරාධපුරයට පැමිණ තිබේ.එසේ කුලී පදනමට ලබාගත් මෝටර් රථයකින් පැමිණි තරුණයා තරුණියගේ අනුදැනුමින් මුදල් ගෙවා නිවාඩු නිකේතනයේ කාමරයක් ලබාගෙන ඇය හා මව සමගින් විවේකීව ඉඳ අනුරාධපුර අටමස්ථාන පූජා භූමිය වන්දනා කිරීමට ගොස් තිබේ.

පෙම්වතාට හා මවට අටමස්ථානය වැඳ පුදාගෙන පැමිණෙන ලෙස පවසා ඇය මෝටර් රථයේ නතරවී මීට පෙර ඇසුරු කළ කඩවසම් තරුණයෙකු එහි ගෙන්වා එම මෝටර් රථය තුළදී සිය ඔය කඩවසම් තරුණයා කාන්තාවගේ කලවා ප්‍රදේශය සම්බාහනය කරමින් සිටියදී හදිසියේ මව හා පෙම්වතා එහි පැමිණ ඇති අතර ඉන් පීඩාවට පත්වු තරුණයා ඇගෙන් ඒ පිළිබදව අසා තිබේ.


එවිට ඇය එම තරුණයාට කියා සම්බාහනයක් සිදුකර ගත් බව ඔවුන්ට පවසා තිබේ.ඉන් කෝපයට පත් වූ තරුණයා ඇයට පහර කීපයක් ගසා රථයෙන් ඇද දමා අනුරාධපුර මූලස්ථාන පොලීසියට පැමිණ සියභාණ්ඩ කිහිපයක් පෙම්වතිය සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඉතාලි තරුණයාගේ අන්තර්ජාල පෙම්වතිය සොයාගත් පොලීසිය ඇයව පොලිස් ස්ථානයට කැඳවා ඇත. ඇය සම්බාහනය සිදුකළ තරුණයාද සමගින් පොලිස් ස්ථානයට පැමිණ ඉතාලි තරුණයාගේ කිසිදු භාණ්ඩයක් සොරකම් නොකළ බවත් බොරු පැමිණිලි ඉදිරිපත් කර තමන්ට අමානුෂිකව පහරදුන් බවද කියමින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ඇය තරුණයාට පවසා තිබේ.

පසුව රුපියල් දසදහසක් පමණ වැයකර ලබාදුන් ඇඳුම් ආයිත්තම් සියල්ල ගලවා දෙන ලෙස ඇයට පවසන මෙන් තරුණයා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.ඒ අනුව ඇය ඔහුගෙන් ලබාගත් ඇඳුම් ආයිත්තම් පොලීසියේදීම ගලවාදී පැමිණිල්ල සමථයකට පත්කරගෙන තිබුණි. අන්තර්ජාල තාක්ෂණයෙන් හඳුනාගත් පෙම්වතිය හමුවීමට පැමිණ දුකසේ උපයාගත් රුපියල් පනස් දහසක් පමණ නිකරුණේ නාස්ති වූ බවත් අවසානයේ පොලීසියේ රස්තියාදු වීමට සිදු වූ බවත් පවසමින් තරුණයා පොලිස් ස්ථානයෙන් නික්ම ගොස් තිබේ. තරුණිය පොලිස් ස්ථානයට රැගෙන ඒමත් සමග ඇය සමග සමීප සබඳතා පවන්වන තරුණයින් විශාල පිරිසක්ද ඇය වෙනුවෙන් පෙනී සිටීමට පොලිස් ස්ථානයට පැමිණි බව පොලිස් නිලධාරීයෙක් පැවැසුවේය.

No comments:

Post a Comment

Post Bottom Ad