පන්දුව පලුදු කිරීම හේතුවෙන් වසරක තරග තහනමකට ලක්වූ ඔස්ටේ‍්‍රලියානු කන්ඩායමේ ඩේවිඩ් වෝනර්ගේ අයි.පී.එල් ස්ථානය වෙනුවෙන් එංගලන්ත ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් කැදවා තිබෙනවා.
පසුගියදා සන්රයිසස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්කෙරුණු වොනර් වෙනුවට නවසීලන්ත නායක කේන් විලියම්සන් එම තනතුරුට පත්කෙරුණු අතර වොනර් වෙනුවට කණ්ඩායමට ආදේශකයක් ලෙස හෙල්ස් කණ්ඩායමේ හිමිකරුවන් විසින් මිළදි ගෙන ඇත. කෙසේ වෙතත් ඔවුන් මීට පෙර ශ‍්‍රී ලංකා ප‍්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් වෝනර්ගේ ස්ථානයට ආදේශ කිරීම සදහා සුදානම්ව පැවැතියක් මේ දිනවල ක‍්‍රීයාත්මක වන දේශීය පළාත් තරගාවලිය හේතුවෙන් කුසල් එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇති බව වාර්තා විය.
ඉන්දියානු රුපියක් කෝටියක මුදලකට මිළදී ගත් ඇලෙක්ස් හේල්ස් විස්සයි20 තරග 52කට ක‍්‍රීඩා කොට ලකුනු 1456ක් රැුස්කරගෙන ඇති අතර එහි සාමාන්‍ය 31ක් හා ප‍්‍රහාරාත්මක වේගය 136ක් ලෙසත් දැක්වෙයි.විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්හි පළමු පිතිකරුවන් 10 දෙනා අතර සිටින එකම එංගලන්ත පිතිකරු ඇලෙක්ස් හේල්ස් වන අතර ඔහුට අමතරව බෙන් ස්ටොක්,ජොස් බට්ලර්,ක‍්‍රිස් වෝකර්ස් වැනි එංගලන්ත කණ්ඩායමේ ක‍්‍රීඩකයින් ක‍්‍රීඩා කරයි.
පසුගියදා නිමාවුනු පාකිස්තානු සුපිර් ලීග් තරගාවලියේ ඉස්ලාමාබාද් කණ්ඩායම නියෝජනය කළ හේල්ස් පළමු තරගයෙ ලකුනු 46ක් රැුස් කිරීමට සමත්වූවත් ක‍්‍රීඩා කළ අනෙක් තරගවලින් ලකුණු 20 සීමාව පසුකිරීමට ඔහුට නොහැකිවිය.
Sunday, April 1, 2018

Home
ක‍්‍රීඩා පුවත්
‘කුසල් බෑ කියු’ වෝනර්ගේ IPL තැනට කෝටියක මුදලකට මිලදී ගත් සුපිරි පිතිකරුවා මෙන්න..
‘කුසල් බෑ කියු’ වෝනර්ගේ IPL තැනට කෝටියක මුදලකට මිලදී ගත් සුපිරි පිතිකරුවා මෙන්න..
Tags
# ක‍්‍රීඩා පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ක‍්‍රීඩා පුවත්
Labels:
ක‍්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment