ඉදිරියේදී කළුතරට කරන දේ තාත්තාගෙන් අහලා කියන්නම් කියූ නවක මන්ත්‍රීවරිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 2, 2018

ඉදිරියේදී කළුතරට කරන දේ තාත්තාගෙන් අහලා කියන්නම් කියූ නවක මන්ත්‍රීවරිය


ඉදිරියේදී කළුතරට කරන දේ
තාත්තාගෙන් අහලා කියන්නම් කියූ
නවක මන්ත්‍රීවරිය

නවක මන්ත්‍රීවරියකගන් ඉදිරියේදී කිරිමට බලාපොරොත වන්නේ කුමක්දැයි මාධ්‍යවේදිනියක ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දීමේදි තාත්තාගෙන් අහන්න ඕනේ යැයි පැවසීමේ සිද්ධියක් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවකින් වාර්තාවේ.
සිද්ධිය සැකවින් මෙසේය.
පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ
සභාවල සහාපති වැඩ බාර ගැනීමේ උත්සවයකට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට මෙන්ම ඒ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ මෙන්ම මන්ත්‍රීවරියගේ ඥාති හිතවතුන්ද සහභාහි වූ අතර මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ උත්සවයේ මූලික කටයුතු ආරම්භ විය.
මෙවර පළාත් පාලන මැතිවරණයට

සියයට විසිපහක් කාන්තා නියෝජනය අනිවාර්ය කර තිබුණු බැවින් පෙර නොවූ විරූ තරමට නවක මන්ත්‍රීවරියගෙන්ද අඩුවක් නොවිය. එකී උත්සවයට සඳහා පරිශ්‍රය පමණක් නොව සභා පරිශ්‍ර භූමියද පිරි ඉතිරි ගොස් තිබූ බැවින් මන්ත්‍රි කවුද මන්ත්‍රීවරියන් කවුදැයි නිශ්චිතව සොයා ගැනීමද දැඩි ගැටලුවක් වි ඇත.
පිරිත් දේශනයට සවන් දී අනතුරුව පිරිත් නූලක්ද අතෙහි ගැටි ගසා ගත් අය අතර මන්ත්‍රීවරියක් යයි හඳුනාගන්නට හැකිවූ කාන්තාවක සිටියාය.
ඇය පසෙකට ආ පසු මාධ්‍යවේදිනියක් ඇය අසලට ගොස් මන්ත්‍රීතුමියනි ඔබ තුමිය මොකක්ද ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ යැයි ප්‍රශ්න කර ඇත්තේ පළාත් පාලන මැතිවරණයටි කාන්තා නියෝජනය යෙදීමෙන් සිදුවන ඵලදායිතාවය පුවත්පතෙහි ප්‍රසිද්ධ කිරිමටය.
ඇය ගත් කටටම "තාත්තාගෙන් අහන්න ඕනේ" යැයි පවසා ඇත.
ඇයගෙන් ප්‍රශ්න ඇසීම නතර කළ මාධ්‍යවේදිනිය ඇය පැවසූ පිළිතුර තවත් මාධ්‍යවේදියෙකුට ඒ මොහොතේම පවසා ඇත්තේ සිහින් සිනහවක් පාමින් කනට කොඳුරමිනි.

වාර්තාව - බිමල් ශ්‍යාමන් ජයසිංහ

No comments:

Post a Comment

Post Bottom Ad