රාහුල - ධර්මපාල බිග්මැච් අවසානයේ රාහුල ප්‍රින්සිපල් පහරකා රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 2, 2018

රාහුල - ධර්මපාල බිග්මැච් අවසානයේ රාහුල ප්‍රින්සිපල් පහරකා රෝහලේ


මාතර රාහුල විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පෙරේදා (31) පැවති වාර්ෂික මහා ක්‍රිකට් තරගය අවසානයේදී රාහුල විදුහල්පති එෆ් වෙලේගේ මහතාට අතින් පයින් පහර දී
තුවාල සිදුකළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.පහර කෑමට ලක්වූ විදුහල්පතිවරයා මාතර මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.  ක්‍රීඩාංගණයේදී කලහකාරීව හැසිරුණු සැකකරු එහිදීම අත්අඩංගුවට ගෙන මාතර පොලීසිය වෙත රැගෙන යනු ලැබීය.

මාතර උයන්වත්තේ පදිංචි සැකකරු ඊයේ (01)

සවස මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
මාතර කොටිඨාසය භාර පොලිස් අධිකාරි ජී.එච්. මාරපන මහතාගේ උපදෙස් මත මාතර මූලස්ථාන පොලිස් පරික ධම්මික අමරක්කේන මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.


No comments:

Post a Comment

Post Bottom Ad