කැලණි ගඟේ දිය නෑමට ගොස් අවුරුදු 27ක එක් දරු මවක් ජිවිතක්ෂයට පත් වි ඇති බව ගිනිගත්හේන පොලිසිය කියයි. මහනුවර උගුරැස්ස ප්‍රදේශයේ පදිංචි තුෂානි ද සිල්වා නැමති ටෙලි නාට්‍ය සහය නිළියක් මෙසේ මිය ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
පවුලේ සමාජිකයන් සමඟ කිතුල්ගල ප්‍රදේශයේ සංචාරයකට පැමිණ ඇති මෙම කාන්තාව ගිනිගත්හේන කළුගල යටිබේරිය ප්‍රදේශයේදි කැලණි ගඟේ අද(17) පස්වරු 1.30 පමණ දිය නාමින් සිටියදි සැඩ පහරකට හසු වී ගසා ගෙන ගොස් ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි. පවුලේ සමාජිකයන් හා ප්‍රදේශවාසින් එක්ව සැඩ පහරට හසු වි ගසා ගෙන ගිය කාන්තාව සොයා සිදු කළ මෙහෙයුමකින් පසුව එම කාන්තාවගේ සිරුර දිය නෑම සිදු කළ ස්ථානයට මදක් දුරින් කැලණි ගඟේම තිබි සොයා ගෙන ඇති අතර එම සිරුර කිතුල්ගල තැලිගම රෝහලේ වෙත යොමු කර ඇත.
ජිවිතක්ෂයට පත් කාන්තාව දියනැම සිදු කළ ස්ථානය දිය නැම අවධානම් බව සඳහන් කරමින් දැන්විම් පුවරු පවා සවි කර ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සරත් සමරවික්‍රම මහතා කියා සිටියේය. දිය නැමට කැලණි ගඟට බැස ඇති මෙම කාන්තාව කැලණි ගඟේ මැදට ගිය බවත් , ගඟ මැදට නොයන ලෙස පවුලේ සමාජිකයින් ඇයට කෑ ගසා කි බව ද ඇගේ ඥාතියකු කියා සිටියේය. මෙම විනෝද චාරිකාව සඳහා මිය ගිය කාන්තාවගේ මව සහ පියාද එක් වි ඇති අතර විනෝද චාරිකාව ගැන මව සහ පියා අතර මත භේදයක් ද හට ගෙන තිබු බව ගිනිගත්හේන පොලිසිය කියයි. මෙම අනතුර පිළිබඳව ගිනිගත්හේන පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
Tuesday, April 17, 2018
කැළණි ගඟේ දිය නෑමට ගිය ටෙලි නාට්‍ය නිළිය දියේ ගිලි මරුට…
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment