බංග්ලාදේශයේ ක්‍රිකට් නායක සකිබ් හා නුරුල් දෙදෙනාටම දඩ හා අගති ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 17, 2018

බංග්ලාදේශයේ ක්‍රිකට් නායක සකිබ් හා නුරුල් දෙදෙනාටම දඩ හා අගති ලකුණු


ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති නිදහස් කුසලාන තරගයේ අවසන් ඕවරයේදී සහ ඉන් පසුව
නොමනා ලෙසින්

හැසිරීම හේතුවෙන් බංග්ලාදේශ නායක සකිබ් අල් හසන්ට සහ අතිරේක ක්‍රීඩක නුරුල් හසන්ට ඔවුන්ගේ තරග මුදලින් 25% ක දඩයක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක ක්‍රිස් බ්‍රෝඞ් මහතා තීරණය කරතිබේ.
ඒ අතරම මෙම ක්‍රීඩකයන් දෙදෙනාටම අගති ලකුණක් බැගින්ද නියම කර තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පනවන ලද ක්‍රීඩක විනය නීතිමාලාවේ පළමු වැනි තලයේ වරදක් හේතුවෙන් ක්‍රීඩකයන් දෙදෙනාටම මෙම අගති ලකුණු පනවා තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මඟින් තම ක්‍රීඩකයන්ට ලබාදුන් දඬුවම නිවැරදි බවත් තමන් එය පිළිගන්නා බවත් තම ක්‍රීඩකයින් සීමාව ඉක්මවා කටයුතු කර ඇති බව පිළිගන්නා බවත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයද පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad