අවුන් සාන් සූ කීගේ නිවසට ප්‍රහාරයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 2, 2018

අවුන් සාන් සූ කීගේ නිවසට ප්‍රහාරයක්

මියන්මාරයේ (බුරුමයේ) නායිකා අවුන්ග් සාන් සූ කී වසන නිවසට බ්‍රහස්පතින්දා පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ බව මියන්මාර් රජය පවසනවා.

කෙසේ නමුත් ඇය ඒ අවස්ථාවේ නිවසේ සිට නැහැ.

මෙම ප්‍රහාරයෙන් එම දේපලට සුළු හානි සිදුව ඇතැයි වාර්තා වුණා.

යැන් ගොන් නගරයේ ජලාශයක් අසබඩ පිහිටි මෙම නිවස සූ කී නිවාස අඩස්සියෙහි සිටි සමයෙහි රැඳී සිටි නිවස ද වනවා.


මෙම ප්‍රහාරයට වග කිව යුත්තකු මෙතෙක් අනාවරණය වී නැහැ.

කෙසේ නමුත් රොහින්ග්‍යා ජාතිකයන් සම්බන්ධව ඇගේ ප්‍රතිපත්තිය විශේෂයෙන්ම පසුගිය කාළයේදී විදෙස් රටවල දැඩි දෝශ දර්ශනයට ලක් වුණා.

බටහිර රටවල් පවසන්නේ මෙම ජාතිකයන්ට මියන්මාර් රජයේ හමුදා පහර දෙන බවයි. නමුත් මියන්මාර් රජය එය ප්‍රතික්ෂේප කරනවා.


No comments:

Post a Comment

Post Bottom Ad