කොන්දේ වේදනාව නොසලකා හැරීම භයානකයි.... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 2, 2018

කොන්දේ වේදනාව නොසලකා හැරීම භයානකයි....


රෝගාබාධය පටන් ගන්නා මොහොත සුළු වේදනාවකින් ආරම්භ වේ. ඉතාම කෙටි කලකින් සුවකර ගැනීමට හැකි මෙම අවස්‌ථාව අතහැරීම නිසා ක්‍රම ක්‍රමයෙන් මෙය උග්‍රවීමෙන් බටහිර වෛද්‍ය ක්‍රමයට, සැත්කම් කිරීම දක්‌වා තත්ත්වය උත්සන්න වීමේ හැකියාව තිබේ.

 කොන්දේ අමාරුව බොහෝ අනතුරුදායක තත්ත්වයකි. එහෙත් බොහෝ අය මේ පිළිබඳව නොදන්නා නිසාවෙන් මෙම තත්ත්වය සැලකිල්ලට නොගන්නා තත්ත්වයක්‌ සමාජය හමුවේ දක්‌නට ලැබේ. මෙහි ඇති භයානක තත්ත්වය නම් කකුල් දෙක දක්‌වා අප්‍රාණිකවීමක්‌ විය හැකි වීමයි. සැබැවින්ම එය ජීවිතයකට බරපතල හානියක්‌ බව අමුතුවෙන් කිවයුතු නොවෙයි.

 මොළයේ සිට එන ශරීරය පුරා දිවයන මුළු ස්‌නායු ප්‍රමාණයම කොඳු ඇට පෙළ දිගේ ගමන් කරන අතර මෙම ස්‌නායු පොදිය සුසුම්නාව ලෙසින් හඳුන්වනු ලැබේ. කොඳු ඇට පෙළෙහි සිදුවන වෙනස්‌වීමක්‌ මගින් සුසුම්නාව තදවීමකට ලක්‌වී නම් එය ඉතාමත්ම දරුණු වේදනාකාරී, පීඩාකාරී, ගාත්‍රා අප්‍රාණික වීම දක්‌වා උග්‍රවීමේ හැකියාව තිබෙන තත්ත්වයකි.

 රෝගාබාධය පටන් ගන්නා මොහොත සුළු වේදනාවකින් ආරම්භ වේ. ඉතාම කෙටි කලකින් සුවකර ගැනීමට හැකි මෙම අවස්‌ථාව අතහැරීම නිසා ක්‍රම ක්‍රමයෙන් මෙය උග්‍රවීමෙන් බටහිර වෛද්‍ය ක්‍රමයට, සැත්කම් කිරීම දක්‌වා තත්ත්වය උත්සන්න වීමේ හැකියාව තිබේ.

 ප්‍රධාන වශයෙන් ස්‌නායු තෙරපීම ගෙළ ආශ්‍රිතව සහ කොඳු ඇට පෙළේ පහළ (කටී ප්‍රදේශයේ) සුලභව ඇතිවිය හැකිය. මෙයට අමතරව කොන්දේ උරහිස්‌ ප්‍රදේශයේ (කොදු ඇට පෙළ මැද ප්‍රදේශයේ) මෙම තත්ත්වය ඇතිවන ඇතැම් විට රෝගීන්ට බොහෝ පීඩා ගෙන දීමේ හැකියාව තිබේ.

 මේ අකාරයට කොන්දේ වේදනාකාරී තත්ත්වයක්‌ ඇතිවීමට හේතු වන්නේ කොඳු ඇට පෙළෙහි ඇතිවන ස්‌නායු තෙරපුමකි. ඒ බව ඉහතදී සාකච්ඡා කළෙමු. මෙම ස්‌නායු තෙරපුම කොදු ඇට පෙළේ තිබෙන අන්තර් කශේරුකා මඩලක්‌ වෙනස්‌වීම හෝ කශේරුකා වෙනස්‌ වීම මගින් සිදු විය හැකි අතර මෙම ස්‌නායු තෙරපීම සිදුවූ වහාම ප්‍රතිකාර කිරීමෙන් ඇතැම් විට දින කිහිපයකින් එම තත්ත්වය සුවකර ගැනීමේ ප්‍රතිකාර පුරාණ දේශීය වෙද පොත් පත්වල පැහැදිලිව සටහන් කර තිබීම සතුටට කාරණාවකි. ඇතැම්විට මුලදී ඇතිවන වේදනාව මාංශ පේශිවල සිදුවන වේදනාවක්‌ යෑයි රෝගීන් වරදවා වටහා ගන්නා අවස්‌ථා බහුලවේ. වේදනාව ඇති වන්නේ අදාල ස්‌නායුවලට අනුරූප මාංශපේශිවලය. මාංශපේශිවල වේදනාවක්‌ හටගන්නා අවස්‌ථාවල එය දින කිහිපයකින් සුව වන අතර ස්‌නායු තෙරපුමක්‌ නිසා ඇතිවන මාංශ පේශි වේදනාව වරින් වර දිගටම කලක්‌ තිස්‌සේ පවතිනු ඇත. 

 කොදු ඇට පෙළ ස්‌නායු තෙරපීමක්‌ ඉබේ සුව වන්නේ නැත. එවැනි තත්ත්වයක්‌ නොසලකා සිටීමෙන් ක්‍රමයෙන් රෝගී තත්ත්වය උත්සන්න වනු ඇත. එසේ වනවා පමණක්‌ නොව කොදු ඇට පෙළෙහි එම ස්‌ථානවල මේදය සහ කැල්සියම් තැන්පත්වීම නිසා තවදුරටත් රෝගය දරුණු අතට හැරීමට ඉඩ ඇත. ක්‍රම ක්‍රමයෙන් මේ මගින් ස්‌නායු තෙරපීමද වැඩි වන්නේය. මුලින් සුළු වේදනාව ක්‍රමයෙන් වැඩිවී, කොන්දේ ඉවසා දරාගත නොහැකි තරමේ දරුණු වේදනාකාරී තත්ත්වයක්‌ ඇති වනු ඇත.

 ඉන් පසුව ස්‌නායුවලට හානිවීම් සමග හිරියක්‌ ඇති වන්නේය. මෙම හිරි ගතියද නොසලකා සිටීම මත ගාත්‍රා අප්‍රාණික වීමට ඉඩ ඇත. මෙම තත්ත්වයට ලක්‌වීමේදී කොදු ඇට පෙළ ආශ්‍රිත අදාල ස්‌නායු සම්පූර්ණයෙන් අක්‍රීයවීමට පවා ඉඩ ඇත. එසේ වූවේ නම් කුමන වෛද්‍ය ක්‍රමයක්‌ තුළවත් ස්‌නායු යථා තත්ත්වයට පත්කිරීමේ හැකියාවක්‌ නැත.

 

No comments:

Post a Comment

Post Bottom Ad