බ්‍රිගේඩියර් ප්‍රියංක ලංකාවට ගෙන්නුවේ
ඔහුගේ ආරක්ෂාවටයි
– යුදහමුදාපති
බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ මහතා ශ්‍රීලංකාවට ගෙන්වූවේ එතුමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවට යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා අද(24) වවුනියාවේදී පැවසුවේය.
වන්නි ආරක්ෂක සේනා 56 සේනාංකයේ නව කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් යුද හමුදාපතිවරයා එලෙස පැවසුවේය.
‘රටේ යුද හමුදාපති හැටියට ඒ නිලධාරියාගේ
ආරක්ෂාවට මම වගකියන්න ඕන
ඔහු කරපු දේ හරිද වැරිද කියල තීරණය කළ යුතුව ඇත්තේ වෙනම කෙනෙක් නමුත් ඒ නිලධාරියා මෙහෙ ඇවිත් ඉන්නේ ඔහුගේ කාලය ඉවර වෙලා නෙමෙයි අපි සාකච්ඡා කරන්නේ ඔහුගේ ආරක්ෂාව කොහොමද අපි සපයන්නේ කියලා ඒ වගේම මේ අවස්ථාවේදී ඒ සිද්ධියෙන් අයින්වෙලා ඉන්න එක මම හිතනවා අවස්ථාවට සුදුසු නුවණක් කියලා ඒ වගේම කණගාටු වෙනවා මේ රටේ ජනතාව අනවශ්‍ය බියකට මේක සිද්ධියක් කරගෙන තියන එක ගැන මේ වගේ සිද්ධි ඕන තරම් වෙලා තියනවා නමුත් රණවිරුවන් දඩමීමා කරගත නොගත යුතුයි මේ රටේ පාලනය නෙමෙයි මේක කරන්නේ මේක එක්තරා සිදුවීමක්.‘
No comments:
Post a Comment