එඩ්වඩ් කුමරා අල්ලන්න එපා පොටෝ ගහන්න එපා කෙලින් බලන්න එපා - ඔවුන් අපේ අවසන් රජවරුන් කියන - ව්‍යාජ ලේඛනය ගැන අමාත්‍යංශ නිවේදනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 2, 2018

එඩ්වඩ් කුමරා අල්ලන්න එපා පොටෝ ගහන්න එපා කෙලින් බලන්න එපා - ඔවුන් අපේ අවසන් රජවරුන් කියන - ව්‍යාජ ලේඛනය ගැන අමාත්‍යංශ නිවේදනයක්


එඩ්වඩ් කුමරා අල්ලන්න එපා
පොටෝ ගහන්න එපා
කෙලින් බලන්න එපා
ඔවුන් අපේ අවසන් රජවරුන් කියන

- ව්‍යාජ ලේඛනය ගැන අමාත්‍යංශ නිවේදනයක්


ලබන 4 වනදා පැවැත්වෙන 70 වැනි  ජාතික නිදහස් දින උත්සවය සඳහා විශේෂ ආරාධිතයකු ලෙස සහභාගීවන බ්‍රිතාන්‍යයේ එඩ්වර්ඩ් කුමරු සහ ආර්යාව පිළිගැනීමේ දී ලාංකිකයන් විසින් අනුගමනය කළ යුතු කරුණු යැයි සඳහන් කරමින් ‘බ්‍රිතාන්‍ය රාජකීයයන් පිළිගැනීමේ කමිටුව‘ නමැති ලිපි ශීර්ෂයක ඩීඑෆ්පී ද මැල් නමැත්තෙකුගේ නිල මුද්‍රාවක්ද යොදමින් අන්තර්ජාලයට යොමු කර තිබෙන හාස්‍ය උපදවන ලේඛනය සත්‍යයෙන් තොර බවත් එවැනි කමිටුවක් හෝ එවැනි නීති පද්ධතියක් නොමැති බවත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
එම ලේඛනයට අනුව රාජකීයයන්ට ගෞරව කිරීමට ලාංකිකයන් සූදානම් වියයුතු ආකාරය ගැන උපදෙස් නිකුත් කර ඇත්තෙ හාස්‍ය උපදවන ලෙසයි.
සියල්ලන් ශරීරය  වැසෙන පරිදි ඇඳුමක් ඇඳ පැමිනෙන ලෙසත් පිරිමින්ට කෝට් අඳින ලෙසත්
දැනුම්දී තිබේ.
රාජකීයයන් නැගිට සිටියදී වාඩි වී සිටීමෙන් වළකින්න.  රාජකීයයන් අසළදී හඩ නගා කතා කිරීමෙන් වළකින්න. හඬන දරුවන් රාජකීයයන් අසළට රැගෙන ඒමෙන් වළකින්න. පිරිමින් රාජකීයයන් අසලට ගියහොත් කොන්ද නමා ආචාර කරන්න.කාන්තාවන් රාජකීයයන්

දණහිසින් නැමී ආචාර කරන්න, සීරුවෙන් සිටින්න. පසුපස හැරීමෙන් වළකින්න.

රාජකීයයන්ගේ මුහුණ දෙස එක එල්ලේ  නොබලන්න. ස්පර්ශ කිරිමීන් වළකින්න. අවසරයකින් තොරව රජ පවුල් පින්තූර ගැනීමෙන් වළකින්න,  ඔවුන් අපගේ අවසන් රජරුන් බව අමතක නොකරන්න.
ආදී ලෙස එහි කරුනු සඳහන් වේ.

මෙම ලේඛනය කිසියම් දේශපාලන කණ්ඩායමක අවශ්‍යතාවයකට ජනතාව නොමග යවන අන්දමින් සකස් කර අන්තර්ජාල වෙබ්පිටු ෆේස්බුක් පිටු වෙත බෙදාහැර තිබෙන අතර විශ්වාසනීය ආකාරයට සංවිධානාත්මකව සීල් පවා සකස්කර පිහිටුවා මුද්‍රණය කර බෙදාහැරීමට කටයුතු යොදා තිබේ.

ජාතික නිදහස් දින උත්සවයේ සියලු සංවිධාන කටයුතු කරනු ලබන්නේ වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ උපදේශකත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් බවත් පිළිගැනීමේ කමිටුව කියා වෙනම කමිටුවක් හෝ නිල මුද්‍රා නැති බවත් මාධ්‍ය වෙත හා සමාජ මාධ්‍ය වෙත ව්‍යාජ ලිපි ශීර්ෂයක් යොදා ගනිමින්  එම කමිටුවේ ලේකකම්වරයා යැයි කියා ගන්නා පුද්ගලයකු නිකුත් කර ඇති ලේඛනය ව්‍යාජ ලේඛනයක් බවත් අමාත්‍යංශය අවධාරණය කරයි.

පහත පළවන්නේ එම ව්‍යාජ නිවේදනයයි

No comments:

Post a Comment

Post Bottom Ad