කතරගම නගරයේ දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසිය කළ වෙඩි තැබීමෙන් මිය ගිය නිරෝෂන් නිසා ප්‍රදේශ වාසීන් සහ පොලීසිය අතර දැඩි උණසුම් තත්වයක් ඇති විය. රටේම කතා බහට ලක් වූ මෙම පොලිස් වෙඩි පහර නිසා නිරෝෂන්ගේ අසරණ බිරිඳ සහ පුතු සහ තනිවන්නේ කිසිවක් කර කියා ගත නොහැකි තත්වයකිනි. පොලිස් වෙඩි පහරින් මිය ගිය නිරෝෂන් ගැන හැඬු කඳුලෙන් බිරිඳ චරිතුරිකා පවසන්නේ මහත් සංවේදී කතාවකි.
මගේ මහත්තයා කාටවත් හිරිහැරයක් කරන අයෙක් නොවෙයි. අපි ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. පුතා හම්බ වුණාට පස්‌සේ මහත්තයා අනාගතය ගැන හීන මැව්වා. දරුවාට හොඳට උගන්වන්න කියලා තමයි නිතරම මමත් එක්‌ක කතා කළේ. කාටවත් හිරිහැරයක් නොකරපු මගේ මහත්තයා මරලා අපේ කුරුළු කූඩුව සුනු විසුනු කරපු උන්ගේ පවුල්වලටත් ගිනි හෙන ගහන්න ඕනි
" මහත්තයා එදා හවස යාළුවෙක්‌ගේ මඟුල් ගෙදරකට ගියා. මහත්තයා බොන අයෙක් නොවෙයි. යාළුවෝ ආශ්‍රය කළාට බොන්න කන්න යන්නේ නැහැ. මට කිව්වා රෑට කන්න මම අරන් එන්නම් පුතා නිදි කරන්න එපා කියලා. එදා රාත්‍රී මට පණිවුඩයක් ආවා මහත්තයාට අනතුරක් වෙලා කියලා. මම පස්‌සේ රෝහලට ගියා. අනේ මහත්තයෝ පොලිස්‌කාරයා වෙඩි තියලා තිබුණේ ඔළුවේ දමපු හෙල්මට් එකත් කුඩුවෙන්න. අසරණ මිනිහෙක් මෙහෙම මරන්න පුළුවන්ද කියලා හිතෙනවා. මේක අහස පොළොව උහුලන්නේ නැති අපරාධයක්. මහත්තයා මැරුවා මදිවට දැන් සාක්‍ෂිත් වෙනස් කරන්න හදනවා කියලා ආරංචියි."
තංගල්ලෙන් ඇවිත් පරීක්‍ෂණ කළා. මම කියන්නේ මුං එල්ලුම්ගහේ යවලා මරලාම දාන්න ඕනි. මුන්ට නීති මගින් සහන දෙනවා නම් ඒ අයටත් හොඳක් වෙන්නේ නැහැ. යනුවෙන් චතුරිකා සඳමාලී මහත්මිය පැවසීය.
තංගල්ලෙන් ඇවිත් පරීක්‍ෂණ කළා. මම කියන්නේ මුං එල්ලුම්ගහේ යවලා මරලාම දාන්න ඕනි. මුන්ට නීති මගින් සහන දෙනවා නම් ඒ අයටත් හොඳක් වෙන්නේ නැහැ. යනුවෙන් චතුරිකා සඳමාලී මහත්මිය පැවසීය.
අහිංසක ජීවිතයක් ගත කළ නිරෝෂන් කතරගම ප්‍රාදේශීය සභාවේ කවුරුත් අතර ජනප්‍රිය චරිතයක්‌ව සිටියේ ඔහු කවුරුවත් විවේචනය නොකර තමන්ට අයත් වූ වැඩ රාජකාරිය පමණක් නිසි අයුරින් ඉටු කිරීම නිසාය. හිත් පිත් නැති පොලිස් වෙඩි පහරින් මිට ගිය නිරෝෂන්ට සහ අසරණ පවුලට සිදුවෙන යුක්තිය හා සාධාරණය පිළිබඳව මුළු රටම අවධානයෙන් බලා සිටින්නේය
No comments:
Post a Comment