කතරගම කලබල සිද්ධියේ අවසානයේ මොකද වුනේ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 22, 2018

කතරගම කලබල සිද්ධියේ අවසානයේ මොකද වුනේ?

පසුගිය 20 වනදා රාත්‍රියේ කතරගම ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය වූ යතුරුපැදියකට පොලිසිය විසින් සිදු කළ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු මරණයට පත්විමේ සිද්දියට විරෝධය පල කරමින් ප්‍රදේශවාසින් පිරිසක් ඊයේ (21) දිනයේ කතරගම පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
එහිදී ඔවුන් නොසන්සුකාරි ලෙස

හැසිරි ඇති අතර තත්ත්වය පාලනය කිරිම සඳහා පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළේය.

ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්යය බලකාය ද යොදවා තිබූ අතර එහිදී කලහාකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 58 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පොලිසිය කටයුතු කර තිබිණි.

කතරගම නගරයේ නොසන්සුකාරි ලෙස හැරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 58 දෙනා ඇප මත මුදාහැර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප  මත මුදාහැරි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඔවුන් රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප සහ තවත් ඇප කොන්දේසි කිහිපයක් මත මුදාහැර තිබේ.

ලබන 28 වනදා කතරගම පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙසත්, සෑම මසකම අවසන් ඉරිදා දිනයේ පෙරවරු 09.00ත් 12.00ත් අතර කාලය තුළ කතරගම පොලිසියේ පෙනී සිටි ලෙසත්, මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු  සිදු කරන තෙක් මෙවැනි කලහාකාරි සිදුවිම් සිදු නොවිමට වග බලාගන්නා ලෙස සහ නැවත එවැනි කලහාකාරි ලෙස කටයුතු කළහොත් බන්ධනාගාර ගත කරන බවට යන ඇප කොන්දේසි  වලට යටත්ව ඔවුන් මුදා හැර ඇති බව පොලිසිය සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad