අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු ඉහළ දැමීම බොරුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 23, 2018

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු ඉහළ දැමීම බොරුවක්



අත්‍යාවශ්‍ය  ආහාර ද්‍රව්‍යවල බදු ඉහළ දමා ඇති බවට පල වන වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ පසුගිය 18 වනදා අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කර ඇති විශේෂ  වෙළඳ භාණ්ඩ පනත යටතේ වන ගැසට් නිවේදනය මගින් කිසිඳු අත්‍යාවශය ආහාර ද්‍රව්‍යක බදු ඉහළ දමා නොමැති බවයි.

අදාල ගැසට් නිවේදනය මගින් සිදු කර ඇත්තේ උම්බලකඩ, වියලි මිරිස්, ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් මත පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කිරිමේ කාලසීමාව තවදුරටත් දිර්ඝ කිරිම පමණක් බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව භාණ්ඩ බදු  ඉහළ යාමක් සිදු කර නොමැති අතර ඉදිරි මාස 06ක කාලයක් සඳහා පවතින මිල ගණන් යටතේ පාරිභෝගිකයින්ට එම භාණ්ඩ මිලදී ගත හැකි බව මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad