කතරගම මියගිය අයගේ අවසන් කටයුතු අද - විශේෂ ආරක්ෂාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 23, 2018

කතරගම මියගිය අයගේ අවසන් කටයුතු අද - විශේෂ ආරක්ෂාවක්

පසුගිය සෙනසුරාදා (20) පොලිස් වෙඩි තැබීමකින් මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු අද (23) පස්වරුවේ කතරගමදී සිදුකිරීමට නියමිතය.

මේ සඳහා කතරගම ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව තහවුරු කර ඇති අතර පොලිස් විශේෂකාර්ය බලකාය සහ කැරළි මර්ධන ඒකකයද කැඳවා තිබේ.

මෙම සිද්ධියෙන්

පසු කලහකාරී ලෙස හැසිරුණු 58 දෙනෙකු තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස්කොට තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ කතරගම ප්‍රාදේශීය සභාවේ කනිටු සේවකයෙකු වන අතර ඔහු කතරගම නාගහවීදියේ පදිංචිකරුවෙකි. එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් තමන් වෙත සපයන්නැයි ජාතික පොලිස් කොමිසමද පොලිස්පතිවරයා ගෙන් ඉල්ලා ඇති අතර අවශ්‍යතාවයක් ඇතිවුවහොත් මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම මගින් වෙනම පරීක්ෂණයක් දියත් කරන බවද පවසා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad