සුරාබදු නිලධාරීන්ගෙන් අමානුෂික ප්‍රහාරයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 22, 2018

සුරාබදු නිලධාරීන්ගෙන් අමානුෂික ප්‍රහාරයක්

මාදම්පේ සුරාබදු ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් දුම්මලසුරිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට අතින් පයින් අමානුෂික ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම පහරදීම සිදු වී ඇත්තේ පසුගිය දහනව වන දින පස්වරුවේදීය.


වීඩියෝ පටයේ සටහන් වී ඇති පහර කෑමට ලක්වූ පුද්ගලයා සොයා ඔහුගේ නිවසට ගියත් ඔහු එතෙක් නිවසට පැමිණ සිටියේ නැත.

මේ පහර දීම සිදු කරන අවස්ථාවේ සුරාබදු නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටි ගල්මුරුව ප්‍රදේශයේ කම්හල් කාර්මිකයකු වන එස්. ආර්. සෙනෙවිරත්නගෙන් මේ පිළිබදව කළ විමසීමේදී ඔහු කියා සිටියේ තමන් මත්පැන් පානය කර නිවස බලා යමින් සිටියදී සුරාබදු නිලධාරීන් තමන්ව අත්අඩංගුවට ගෙන මත්පැන් බෝතලයක් ළග තබා ගත් බවට බොරු චෝදනාවක් ඉදිරිපත් කරමින් නඩුවක් පැවරු බවයි .

තමන් අත්අඩංගුවට ගෙන පහරදුන් බවද පැවසූ ඔහු, ඒ අවස්ථාවේ සුරාබදු නිලධාරීන් එක්ව තවත් පුද්ගලයෙකුට බරපතළ ලෙස පහර දුන් බවද පැවසිය.

මේ පිළිබදව මාදම්පේ සුරාබදු ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමේදී කියා සිටියේ සුරාබදු නිලධාරීන් දුම්මලසූරිය ප්‍රදේශයේ වැටලීමකට ගිය අවස්ථාවේ සුළු සිදුවීමක් වී ඇති බවයි. මේ පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන බවද සුරාබදු ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය.

No comments:

Post a Comment

Post Bottom Ad