පානදුර ටියුෂන් ක්ලාස් එකක් බිඳින්න ආ හොරා ඇදවැටී මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 20, 2018

පානදුර ටියුෂන් ක්ලාස් එකක් බිඳින්න ආ හොරා ඇදවැටී මරුට

පානදුර නගරාසන්නයේ පිහිටි සිවුමහල් ගොඩනැගිල්ලක තුන් වැනි මහලේ පිහිටි පෙදේගලික අධ්‍යාපන ආයතනයකට රාත්‍රී ඇතුළු වී එහි දේපොළ සොරා ගැනීමට උත්සහ කළ බව කියන පුද්ගලයකු එම තට්ටුවෙන් බිමට පැන මියගොස් සිටියදි සිරුර පානදුර මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමත් විසින් ඊයේ (19) උදේ සොයාගනු ලැබූහ. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය තවමත් තහවුරුවී නොමැති අතර ඔහු අවුරුදු 50
ක තරම වයසේ පසුවන මුහුණ පුරා රැවුල වවා සිටින අයෙකු යැයි පානදුර මූලස්ථාන පොලීසියේ නිලධාරියෙක් පැවසීය.
මෙම පුද්ගලයා ෙගාඞනැගිල්ලේ පිටතින් ඉහල මාලයට ගොඩවිමට සවිකර තිබූ තරප්පුව දිගේ ඉහළ මාලයට පැන යන අන්දම ගොඩනැගිල්ලේ සී සී ටී වී කැමරාවක රූගතවී ඇති බව

පොලිසිය කියයි. පානදුර මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් ගොස් මෙම සිරුර සොයාගනු ලැබී ඇත්තේ පොලිස් 119 හදිසි ඇමතුම් අංශය ලබාදුන් තොරතුරක් මත එහි ගොස් කරන ලද සොයා බැලීමක දී ය. මෙම පුද්ගලයා ඇඳ සිටි සරම තුන් වැනි මහලේ වැටී තිබියදී සොයාගෙන ඇති අතර මොහු සුදුපැහැති කමිසයක් ඇඳ සිට ඇත. පානදුර සහකාර පොලිස් අධිකාරි  මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික පරීක්ෂණයක් පවත්වා තිබේ. මියගොස් සිටි පුද්ගලයා තුන් වන මහලේ පිහිටි පෙෂද්ගලික අධ්‍යාපන ආයතනය පිහිටි කාමරයක වීදුරුවක් බිඳ දමා එයට ඇතුළුවීමට උත්සහකර තිබේන බව මූලික පරීක්ෂණවලින් පෙනී ගිය බව එම පොලිස් නිලධාරියෝ කීහ. ඒ අවස්ථාවේ මෙම පුද්ගලයා ඇද වැටෙන්න ඇති බවට
පොලිසිය සැකකරයි. මොහුගේ සිරුර සොයාගනු ලැබුවේ ගොඩනැගිල්ල පාමුල ලේ විලක් මත තිබියදීය. මියගිය පුද්ගලයාගේ එක් අතක කැපුමි තුවාලයක් දක්නට තිබෙන බවත් විදුරුවට අතින් ගැසීමේදි එම කැපුම් තුවාලය සිදුවන්නට ඇති බවට සැකකරන බවත් පොලිසිය කියයි. කිසියම් කෙනෙක් පෙරදින රාත්‍රියේ කෙඳිරි ගාන හඬ වෛද්‍ය මධ්‍යස්ථානයක ආරක්ෂාවට යොදවා සිටි පෞද්ගලික ආරක්ෂකයකුට ඇසී ඇතත් ඔහු ඒ කෙඳිරිලි හඬ ගැන විපරමි කර නොමැති බව පොලිසීය පැවසීය.
බියට පත්විම නිසා තමා ඒ ගැන සොයා බැලීමට නොගිය බව ආරක්ෂකයාගෙන් ප්‍රශ්න කිරීමේදි හෙලිවිණි යැයි පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා පානදුර නගරයේ නිතර ගැවසෙන අයෙකු බව නගරවාසින් කිහිප දෙනෙකු පොලිසියට පවසා ඇති බව කියති. අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

No comments:

Post a Comment

Post Bottom Ad