සමලිංගියන්ට කොණ්ඩම් බෙදා දෙන්න කණ්ඩායම් රට පුරා… සමලිංගික පිරිමින් ගිය වසරේ 7500යි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 3, 2018

සමලිංගියන්ට කොණ්ඩම් බෙදා දෙන්න කණ්ඩායම් රට පුරා… සමලිංගික පිරිමින් ගිය වසරේ 7500යි…

2017 වසර තුලදී ශ‍්‍රි ලංකාව තුල සමලිංගික පිරිමි පුද්ගලයන් 7500ක් හඳුනා ගත් බව ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.

මෙම සමලිංගිකයන් කොන්ඩම් භාවිත නොකර ලිංගික ක්‍රියාකාරකම් සිදු කිරීම නිසා ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රිත රෝග ගණනාවක් මෙරට පැතිර යාමට බලපා ඇතැයිද ඔහු පැවසීය. මේ නිසා සමලිංගිකයන් අතර කොන්ඩම් බෙදා හැරීමට කණ්ඩායම් කිහිපයක්ම යොදා ඇති බවත් අධ්‍යක්‍ෂවරයා සදහන් කරයි.


මෙරට ලිංගික ශ්‍රමය මුදලට විකුණන කාන්තාවන් අතර කොන්ඩම් භාවිතය 98%ක් වුවත් සමලිංගික පිරිමන් අතර එය 50%ක් පමණ වන බවත් ඔහු පෙන්වා දෙයි. ශ‍්‍රි ලංකාවේ 2025 වන එච්.අයි.වී. ආසාදිතයන් ගණන බින්දුව කිරීම සදහා මේ වන විට විශේෂ වැඩසටහන් ගණනාවක්ම ආරම්භ කිරීමට සූදානම් කර ඇති බවත් ඔහු වැඩි දුරටත් කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad