පුත්තලම සෙල්ලන්කන්දල් රක්ෂිතය තුළ මැරී සිටි දළ ඇතාගේ මරණයට හේතුව විස ශරීර ගත වීමක් බව වබ ජීවී පශු වෛද්‍යවරුන් ඊයේ (10) සවස පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.
වනජීවී පශු වෛද්‍යවරුන් වන චන්දන ජයසිංහ සහ පුත්තලම සහ කුරුණෑගල භාර ඉසුරු හේවා කෝට්ටගේ යන පශු වෛද්‍යවරුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වලදී හෙළි කර ගෙන තිබුණේ පුත්තලමේ තනි දළයා නැමැති ඇතාගේ මරණය සිදුව ඇත්තේ කිසියම් විස සහිත දෑ ශරීර ගතවීමක් නිසා බවයි.
කෙසේනමුත් ශරීරයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රැගෙන යාමට කටයුතු කර තිබිණි. වයස අවුරුදු 30ක් පමණ වූ මෙම තනි දළයා වසර 15 කට වැඩි කාලයක් පුත්තලම සෙල්ලන්කන්දල් හා කල්අඩිය රජයේ වන රක්ෂිත ආසන්නයේ රැඳී සිටි බව ජනතාව පවසයි. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දංගහවල විහාරස්ථානයේ විහාරාධිපති උඩගම කෝලිත හිමියන් වැඩමවා ආගමික වතාවත් ඉටු කිරීමට පුත්තලම වන ජීවී අලි පාලන ඒකකයේ ස්ථානාධිපති එච්.ඒ.චන්ද්‍රසිරි මහතා ඇතුළු නිලධාරීන් කටයුතු කර තිබිණි.

No comments:
Post a Comment