ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ පොදුජන පෙරමුණ එක්ව තරඟ කිරීමට පැවති අවසන් සාකච්ඡාව බිඳ වැටී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය බුලත් කොළයෙන්ද, ඒකාබද්ධ පොදුජන පෙරමුණ මල්
පොහොට්ටුවෙන්ද තරග වැදීම සඳහා අවසන් තීරණය ගෙන ඇත.
මීට අමතරව ඒකාබද්ධ පොදුජන පෙරමුණ කරුණා අම්මාන් මහතාගේ පක්ෂය සමඟ නැඟෙනහිර පළාතේ පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා "බෝට්ටුව" ලකුණෙන්ද තරග කිරීමට තීරණය කර තිබේ. ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සීමිත පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා "අත" ලකුණෙන්ද වතුකරයේ ඇතැම් පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා තොන්ඩමන් මහතාගේ පක්ෂයේ 'කුකුලා' ලකුණ යටතේද නැගෙනහිරට අතාවුල්ලගේ පක්ෂය යටතේද තරඟ වැදීමට තීරණය කර තිබේ.
මෛත්‍රී - මහින්ද සාකච්ඡාව ඇනහිටී :
එක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එකාබද්ධ පොදුජන පෙරමුණ අතර පසුගිය සිකුරාදා රාත්‍රි පැවති තීරණාත්මක සාකච්ඡාව අසාර්ථක වීමෙන් අනතුරුව මෙම තීරණ ගෙන ඇත. දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වූ ප්‍රධාන කරුණු කිහිපයක්ම මෙම හමුවේදී සාකච්ඡා වී තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම යන කාරණය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
සිකුරාදා රාත්‍රි 10.00 සිට මධ්‍යම රාත්‍රි 12.30 දක්වා කොළඹදී ඉතා රහසිගතව පැවැත්වුණු මෙම තීරණාත්මක සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා යන මහත්වරුන් සහභාගි වී තිබේ. ඒකාබද්ධ පොදුජන පෙරමුණෙන් සහභාගි වී තිබෙන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ දැනුවත්භාවය මත මෙම තීරණාත්මක සාකච්ඡාව සිදුව තිබෙන අතර යම් හෙයකින් එම සාකච්ඡාව සාර්ථක වූවා නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර තීරණාත්මක හමුවක්ද සැලසුම්කර තිබූ බව වාර්තා වේ.
Monday, December 11, 2017
ශ්‍රීලනිප-ඒකාබද්ධ අවසන් සාකච්ඡාව බිඳ වැටේ
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment