ඉදිරි පළාත් පාලන මැතිවණයට එක්ව තරග කිරීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ඒකාබද්ද විපක්‍ෂය අතර පැවති සාකච්චා බිද වැටුනු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
සාකච්චා බිද වැටීමේ වරද ඒකාබද්ද විපක්‍ෂය මත පටවන මහ ලේකම්වරයා සදහන් කරන්නේ ඒකාබද්ද විපක්‍ෂය සාකච්චාවන්හිදී හරියටම බඩ මැදින් මස් රාත්තලම ඉල්ලා සිටි බවයි. එක්ව තරග වැදීම සදහා විශාල වශයෙන් බලාපොරොත්තු තබා සිටියද අනෙක් පාර්ශවයෙන් ඒ සදහා නිසි සහයෝගයක් නොලැබුනු බවද ඔහු සදහන් කරයි.
එක්ව තරග වදින්න නම් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ඒකාබද්ද විසින් දමන ලද කොන්දේසිය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු කියා සිටියේ එහි කිසිදු තර්කයක් නැති බවත් එම යෝජනාව ගෙනා පාර්ශවය එජාපය සමග තනි ආන්ඩුවක් සදහා සාකච්චා පවත්වා ඇති බවත් ඇමතිවරයා කියා සිටී.
ඒ අනුව ඉදිරි මැතිවණය අත ලකුණින් හෝ බුදල් කොලයෙන් තරග වදින බවත් ස්ථිර වශයෙන්ම ජයග‍්‍රහණය කල හැති බවත් ඇමති අමරවීර විශ්වාසය පල කරයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ බෙදීම සදහා වන එක්සත් ජාතික පක්‍ෂ බලාපොරොත්තුව මේ මොහොතේ ඉටු කරනු ලැබුවේ ඒකාබද්ද විපක්‍ෂය බවත් ඔවුන් අතර ඩීල් එකක් ඇති බව ඉන් ඉතා පැහැදිලි වන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
Friday, December 1, 2017
Home
දේශපාලන පුවත්
ඒකාබද්දය හා සාකච්චා අවසන්.. ඒවා අසාර්ථකයි.. අපි තනිව තරග කරනවා..- ශ‍්‍රිලනිපය නිල වශයෙන් කියයි..
ඒකාබද්දය හා සාකච්චා අවසන්.. ඒවා අසාර්ථකයි.. අපි තනිව තරග කරනවා..- ශ‍්‍රිලනිපය නිල වශයෙන් කියයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment