මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු ආණ්ඩුවට එක් වූවා කියා ඒකාබද්ද විපක්ෂයේ බලය කිසිදු ආකාරයකින් හීන වීමක් සිදු වන්නේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක අති පූජ්‍ය නාපානේ පේ‍්‍රමසිරි නාහිමියන්ගේ 96 වැනි ජන්ම දිනය වෙනුවෙන් උන් වහන්සේ බැහැ
දැකීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය කල විමසීමේදී ඔහු මේ බව කියා සිටියේය. අතැම් පිරිස් ආණ්ඩුවට එක් වන්නේ පළාත් පාලන මැතිවණයේදී නාම යෝජනා සහ ආසන බෙදා ගැනීම් සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටළු හේතුවෙන් බවත් ඔහු පෙන්වා දුන්නේය.
‘අපේ පක්ෂය බලයේ ඉන්නකොටත් එහෙමයි. විපක්ෂයේ ඉන්න කොටත් එහෙමයි. ඕන කෙනෙකට යන්න පුළුවන්. ඕන කෙනෙකුට එල්ල පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් ඵක්‍ෂය එක්ක එකතු වෙන්න අපට කිසිම ගැටළුවක් නෑ. ආණ්ඩුවේ ඉන්න ප්රශ්නය තමයි තියෙන්නෙ.
ආණ්ඩුවේ ඉන්න ශ්රීලනිපය එක්ක අපි ගිවිසුමක් ගැහුවොත් අපිත් ආණ්ඩුවෙ කොටස්කාරයො වෙනවා. අපට තිබෙන ගැටළුව ඒකයි’ යයිද හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.
Tuesday, December 12, 2017
ඒකාබද්දයේ පළු ගැලවී ආණ්ඩුවට එක්වන හේතුව මහින්ද කියයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment