මහින්ද පිලෙන් කැඩී ශ්‍රියානි මෛත්‍රී පිලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 10, 2017

මහින්ද පිලෙන් කැඩී ශ්‍රියානි මෛත්‍රී පිලට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අම්පාර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ශ‍්‍රියානී විජේවික‍්‍රම මහත්මිය ඒකාබද්ද විඵක්‍ෂයෙන් ඉවත්ව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රධාන ශ‍්‍රි ලංකා නිදහස් ඵක්‍ෂය සමග එක්වීමට තීරණය කර ඇත. 

අද පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ඇය ජනාධිපතිවරයා හමුවී ජනාධිපතිවරයාගේ ඉදිරි වැඩපිලිවෙලට සහාය දෙන බවත් ඔහු සමග ඉදිරි දේශපාලන කටයුතුවල යෙදෙන බවත් සදහන් කල බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. පසුගිය මහ මැතිවරණයෙන් සන්ධානය යටතේ පාර්ලිමේව්න්තුවට තේරී පත් වූ ඇය දිනේෂ් ගුණවර්ධන මහතා හැරුණු විට මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින එකම මන්ත‍්‍රීවරියද වෙයි.

ඇය මෙම තීරණය ගෙන ඇත්තේ අම්පාර දිස්ත‍්‍රික්කයේ අපේක්‍ෂක ලයිස්තු සකස් කිරීමේදී ඇගේ නම් ලයිස්තුවට බරපතල ලෙස අසාධාරණයක් ඒකාබද්ද විපක්‍ෂයෙන් සිදුව ඇති නිසා බවද ඇය සිය සමීපතමයින්ට සදහන් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad