බස් රථය ධාවනය කරමින් සිටියදී හදිසි හෘදයාබාධයක් වැළඳී බසයේ ගමන් කළ මගීන්ට කිසිදු අනතුරක් නොවන ලෙස මියගිය රියැදුරකු පිළිබඳ පුවතක් චාවාකච්චේරියෙන් වාර්ථා වේ.
යාපනයේ චාවාකච්චෙරි ප්‍රදේශයේ විවාහ මංගල්ලයක් සදහා පුද්ගලයින්
38 දෙනෙකු රැගෙන මෙම රියැදුරා බස් රථය පදවාගෙන ගොස් අත්තේ ඉකුත් 29 වැනිදායි. ඔහුට හදිසියේම හෘදයාබාධයක් වැළදී ඇතත් ඔහු ඉතාම අසීරුවෙන් බස් රථය පාරේ අයින් කොට නවතා රියැදුරු අසුන තුළම මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ චාවාකච්චේරියේ පදිංචි ගෝමරසාමී නවරත්නම් නැමති 69 හැවිරිදි අයෙකි. බස් රථය නවත්වා ස්වල්ප වේලාවක් ගත වුවත් එය ආපසු ගමන් අරඹන්නේ නැත්තේ මන්දැයි බස් රථයේ සිටි අයෙකු විපරම් කොට බලන විට රියැදුරුට රියැදුරු අසුනේම නින්ද ගොස් ඇති අයුරු දැකගන්නට ලැබී තිබේ.
ඔහුට කතා කළත් ඔහු කතා නොකරණ නිසා ඔහු ළගට යනවිට ඔහුගේ නාසයෙන් රුධිරය ගලන බව දැක වහාම ඔහුව ත්‍රී රෝද රථයක නංවාගෙන චාවාකච්චෙරිය රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඔහු රෝහලට ගෙන යන විටත් මියගොස් සිට තිබේ. වෛද්‍ය පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ ඔහු හෘදයාබාධයකින් මියගොස් ඇති බවයි. මියගිය අයගේ මලසිරුර පරීක්ෂණ කටයුතු වලින් පසුව 30 දා ඔහුගේ ඥාතීන් වෙත බාරදී තිබේ.
– adaderana.lk
Friday, December 1, 2017
බස් රිය පදවද්දී රියැදුරු අසුනේම මියගිය රියැදුරා ජීවිත 38ක් බේරාගනී…
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment