ශ‍්‍රීලනිපයේ කැබිනට් ඇමතිවරු හා නියෝජ්‍ය ඇමතිවරු 10ක් ඒකාබද්ධයට! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 1, 2017

ශ‍්‍රීලනිපයේ කැබිනට් ඇමතිවරු හා නියෝජ්‍ය ඇමතිවරු 10ක් ඒකාබද්ධයට!

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහයෝගය නැතිව තනිව තරග වදින්නට ශ‍්‍රිලනිපය තීරණය කලහොත් ශ‍්‍රීලනිපයේ කැබිනට් ඇමතිවරුන් නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන් දහයක පමණ පිරිසක් ඒකාබද්ද විපක්‍ෂය සමග එක්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මෙම ඇමතිවරුන්ගෙන් ඇතැමෙක් මේ වන විටත් තම ආසනයේ පළාත් පාලන අපේක්‍ෂකයන් පොහොට්ටුව ලකුණින් තරග කරවීම සදහා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයට පැමිණ නාමයෝජනා පත‍්‍ර පවා සකස් කර ඇති බවද සදහන්ය. එසේ නොකලහොත් තමන්ගේ මතයද නොතකා බිම් මට්ටමේ දේශපාලන නායකයන් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති සමග එක්වීම හේතුවෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකදී තමන් වෙනුවෙන් බිමේ යාන්ත‍්‍රණය බින්දුවට වැටෙන බව එම පිරිසේ අදහසයි.

මේ තත්වය මත ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රීලනිපය එක් කිරීම සදහා තීරණාත්මක අවසන් උත්සාහයන් මේ දිනවල ගනිමින් සිටින බවත් එසේ කල නොහැකි වුවහොත් විපක්‍ෂයට එක්වීම පළාත් පාලන මැතිවණයට පෙර සිදුවනු ඇති බවත් සදහන්ය.

එජාප-ශ‍්‍රීලනිප හවුල් ආන්ඩු ගිවිසුම මෙම දෙසැම්බරයේ අවසන් වන නිසා එජාප ආන්ඩුවෙන් ඉවත් විය යුතුය යන ඒකාබද්දයේ කොන්දේසිය ඉටුකිරීම ඉතා පහසු බවත් එසේ නොකිරීමෙන් පෙනී යනුයේ ඉදිරි කාලය පුරාද ශ‍්‍රිලනිපය එජාප ආණ්ඩුවේ කොටස්කරුවෙක්ව ඉදිරියට යාම බවත් ඇමතිවරුන් දෙදෙනෙක් ඒකාබද්දයේ ප‍්‍රබලයෙක් මුණ ගැසී අදහස් පල කර ඇත.

මේ අතර ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රිවරුන් කිහිප දෙනෙකුද ඉදිරියේදී ආණ්ඩුවට එක්වීමට නියමිතව ඇති බවට වාර්තා පල වෙයි. ඔවුන් එම තීරණය ගනු ලබන්නේ ශ‍්‍රිලනිපය හා එක් නොවී තනිව තරග කිරීම විරෝධය පල කිරීමක් වශයෙන් යයිද වාර්තවන්හි දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad