‘මැරෙන්න කලින්ම දල කපලා.. හිසේ මූනිස්සම් 10ක්..’ ලක්ෂ විස්සේ ලංසුවට වන්දිගෙවු දළ පූට්ටුවා මැරුණු හැටි(PHOTO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 1, 2017

‘මැරෙන්න කලින්ම දල කපලා.. හිසේ මූනිස්සම් 10ක්..’ ලක්ෂ විස්සේ ලංසුවට වන්දිගෙවු දළ පූට්ටුවා මැරුණු හැටි(PHOTO)

ගල්ගමුවේ දළ පූට්ටුවා මියගොස් ඇත්තේ හිසට එල්ල කර තබන ලද වෙඩි පහරවලින් බව ඒ පිළිබඳ ඊයේ (30දා) සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.ගල්ගමුව දළ පූට්ටුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලද්දේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සෞඛ්‍ය තාරක ප්‍රසාද් සහ වයඹ වනජීවී කලාපය භාර ජේ‍යෂ්ඨ පශු වෛද්‍ය චන්දන ජයසිංහ යන මහත්වරුන් විසින් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් මංජුල අමරරත්න මහතා පවසයි.

හිසට වෙඩි වැදීම නිසා බිම ඇද වැටුණු ඇතාගේ දළ යුගල යාන්ත්‍රික කියතක් ආධාරයෙන් කපා වෙන් කර ගෙන ඇත්තේ හනුව මුලින්ම බවත් බොහෝ විටම දළ පූට්ටුවා මිය යෑමට මත්තෙන් එම අමානුෂික ක්‍රියාව සිදු කර ඇති බවත් නිලධාරීහු කියා සිටිති. අඩි දහයකට වඩා උසැති සද්දන්තයා කිසිවකුට හිංසාවක් නොකළ අහිංසක සතෙක් බව ගල්ගමුව සහ පොල්පිතිගම වැසියෝ පවසති. මෙම හස්තියා මීට සති දෙකක හෝ සති හතරක කාලය ඇතුළත ඝාතනය කරන්නට ඇති බවද පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පශු වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත.

මෙම හස්තියා අත්තුවක්කුවකින් වෙඩි තබා ඝාතනය කර ඇති බවටද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී තිබේ. ඇතාගේ හිස තුළ ඊයම් බෝල දහයක් තිබී සොයාගත් බව හේරත්ගම අඩවි වන කාර්යාලයේ වනජීවී නියාමක අසේල වික්‍රමසේකර මහතා ප්‍රකාශ කරයි. වෙඩි පහරින් ඇතාගේ මොළයට සිදුවූ හානියෙන් මරණය සිදුවී ඇති බවට වෛද්‍ය පරීක්ෂණයේදී නිගමනය කර ඇත.

දළපූට්ටුවා සොයා ගිය මෙහෙයුම..

ඉකුත් 22 වෙනි දින රුපියල් ලක්ෂ 20 කට ඇත්දළ යුගලක් හා ගජමුතු හයක් අලෙවි කිරීමට සුදානම්ව සිටි අවස්ථාවේ දි සුඛෝපබෝගී මෝටර් රථයක් සමග සැකකරුවන් දෙදෙනකු පානදුර වලාන දුෂන මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇතිවූ සැකයක් මත ගල්ගමුවේ දළ පුට්ටුවා සොයා මෙම මෙහෙයුම ආරම්භ කෙරිණි

ඉකුත් 25 වෙනි දින සිට වනජීවී නිලධාරීන් අතුරුදහන්වූ දළ පුට්ටුවා සොයා ආරම්භ කර තිබු මෙහෙයුමට වනජිව් අමාත්‍ය වරයාගේ උපදෙස් මත (පසුගිය බදාදා 11/29 ) විශේස කාර්ය බලකාය,පොලීසය,සිවිල් ආරක්ෂක බලකය එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබුණි. මෙම මෙහයුම දලපුට්ටුවා සැරිසැරැ කහල්ල රක්ෂිත වනාන්තරය ආශ්‍රිතව වර්ෂාවද නොතකා සිදුකල අතර බදාදා හවස් වන විට ඇත් සිරුර සොයා ගැනිමට හැකි විය.

වයස අවුරුදු 44 ක් වන දළපුට්ටුවා ලංකාවේ වනාන්තර ආශ්‍රිතව වාසය කල සද්දන්ත ඇතෙකි. පරිසර හිතකාමින් ගල්ගමුවේ දලපුට්ටුවා නම් වු මෙම ඇතාගේ ජිවිතය අණතුරේ බව නිතර නිතර පෙන්වා දුන්නේය. ඒ මෙම ඇතාට කීප අවස්ථාවකදිම වෙඩි තබා තිබිම හෙතුවෙන් හා මාධ්‍ය මගින් මෙම ඇතා නිතර නිතර පෙන්විම නිසා ජාවාරම් කරුවන්ගේ ඇස ගැටිම නිසාවෙනි. එනිසාම වනජිවි නිළධාරින්ගේ අවධානය ලබා තිබු ගල්ගමුවේ ඇතා ඉකුත් ඔක්තෝම්බර් මස මුල් සතියෙන් පසු වනජීවී නිලධාරීන්ගේ නෙත ගැටී නොතිබූ අතර අවසන්වරට හේරත්ගම -මහා කිරිල්ල හා කුඩා කිවුල වැව ඉස්මත්තේ සරිසරමින්සිට ඇති බව වනජීවී අංශ කිය යි.

ඉකුත් 22 වෙනි දින සුඛෝපබෝගි මොටර් රථයකින් ගොස් රුපියල් ලක්ෂ 20 කට ඇත්දළ යුගලක් හා ගජමුතු හයක් අලෙවි කිරීමට උත්සහාකිරිමේදි සුඛෝපබෝගී මෝටර් රථයක් සමග සැකකරුවන් දෙදෙනකු පානදුර වලාන දුෂන මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ගල්ගමුවේ දලපූට්ටා නැවැත වනජිවි නිලධාරින් ට හා රටට මාතෘකාවක් බවට පත්විය. ඒ අනුව ඇතිවූ සැකයක් මත ගල්ගමුවේ දළ පුට්ටුවා සොයා විවිධ ආකරයේන් මෙහෙයුම ආරම්භ කෙරිණි. ඒ අනුව ඇත්දල හා ගජමුතු විකිනිමට ගොස් හසුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ගල්කිරියාගම පොලිස් වසමේ තිදෙනාගේන් එක් අයෙකුගේ ඉඩමක් හා වනාන්තර ප්‍රදේස යන්ත්‍ර යොදා ගෙන කැනිම් කලේය.

ඇත්දල විකිණිමට ගොස් අසු වි ඇත්තේ ගමබාරදුන් රජයේ නිළදාරින් දෙපලකි. ඒ ගල්කිරියාගම ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරි වරයකු හා වැඩ තහනමට ලක්ව සිටින පොලිස් නිලධාරියකි. මිට අමතරව තවත් එක් සැකකරුවෙකු ද වැටලිමෙදි පොල්පිතිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර සැකකරුවන් සමග ඇත්දල ප්‍රවාහනය කරමින් තිබියදි අත්අඩංගුවට ගැනුණු මෝටර් රථයේ අංකය ව්‍යාජ ඒකක බවටද තොරතුරු අනාවරණය වී ඇත.

ගල් ගමුවේ ඇතා දැන් මරා අවසන්ය සුපුරුදු පරිදි ඇත්කුන පිලිබදව පරික්ෂණ සිදුකරිමට වනජිවි ඇමැති වරයා නියොග ලබා දුන්නේය. වනජිවි දොස්තරලා එය සිදු කරණු ඇත. සැකකරැවෝ හො වෙනත් පුද්ගලයකු හෝ මෙම ජාවාරම මේහෙයු පුද්ගලයන් හෝ වෙනත් අය අල්ලනු ඇත. ඒහෙත් මෙරට වනාන්තර වල සිටින සීමිත ඇත් හා අලි රැක ගැනිමට විශේෂ වැඩපිලිවෙලක් සැකසෙන් ඇද්ද? මෙ අන්දමේම අලි ඇත්තු තවත් කෙතරම් ප්‍රමාණයක් අනාරක්ෂිත වි ඇද්ද ?




No comments:

Post a Comment

Post Bottom Ad