ගව,එළු, උෟරු මස් ටෙස්ට් කරන වෛද්‍යවරු ස්ට්‍රයික් - කොලිටි නැති මස් වෙළෙඳපොළේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 3, 2017

ගව,එළු, උෟරු මස් ටෙස්ට් කරන වෛද්‍යවරු ස්ට්‍රයික් - කොලිටි නැති මස් වෙළෙඳපොළේ


රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  මාසයකට අධික කාලයක් තිස්සේ  දියත්කර ඇති වර්ජනය හේතුවෙන් ප්‍රමිතියෙන් තොර මස් වෙළෙඳපොළට පැමිණිමේ අවදානමක් පවතින බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රදිප් එල්. කුමාරවඩු මහතා ප්‍රකාශ කළේය. පාරිභෝජනයට නියමිත ගව,එළු, උෟරු වැනි කෘෂිකාර්මික සත්ව මස් සඳහා සෞඛ්‍ය සහතික ලබාදීම කරන්නේ පශු වෛද්‍ය නිලධාරින් විසිනි.

මේ වනවිට ඔවුහු මාසයකට අධික කාලයක් තිස්සේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වි සිටිති. එබැවින් එවැනි නිර්දේශයකින් තොරව වෙළෙඳපොළට මස් පැමිණෙන බවට තොරතුරු ලැබී ඇතැයිද එම මස් පරිභෝජනයට සූදුසූදැයි යන්න පරික්ෂා කර නොමැති බැවින් ඒ පිළිබඳව පළාත් පාලන ආයතන දැනුවත් විය යුතු යැයිද ලේකම්වරයා කීවේය. 

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන පශු වෛද්‍ය නිලධාරින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්‍ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ ව්‍යවස්ථාවේ සංශෝධන
සම්බන්ධයෙන් රේඛිය අමාත්‍යනාංශය ඇතුළු ආයතන සමග කරන ලද සාකච්ඡා ප්‍රතිඵල රහිත විම හේතුවෙන් සිය සංගමය ඉකුත් සැප්තැම්බර් 25 වන දින සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වි සිටින බව වෛද්‍ය ප්‍රදීල් එල් කුමාරවධු මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව මස් සඳහා සූදානම් කරන සතුන්ගේ තත්ත්වයන් පරිකෂා කොට නිර්දේශ කිරිම, සත්ව සෞඛ්‍යයට අදාළ වාර්තා නිකුත් කිරීම ආදිය මෙම වර්ජනය හේතුවෙන් ඇනහිට ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.

නදීක දයා බණ්ඩාර

No comments:

Post a Comment

Post Bottom Ad