ගෝටාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නැයි අභියාචනාධිකරණය විසින් අද දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබීය.
මෙම නියෝගය දෙසැම්බර් 06 වැනිදා දක්වා ක්‍රියාත්මකය. තමන්ව අත්අඩංගුවට ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය නීති විරෝධීව කටයුතු කරමින් සිටින බවත් එනිසා එය වලකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ගෝටාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබින.
ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් අවභාවිත කලේ යයි හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පරීක්ෂණ පවත්වාගෙන යයි. එහෙත් රාජපක්ෂ මහතාගේ නීතීඥයින් අධීකරණය කියා සිටියේ අදාල ඉදිකිරීම කිසිසේතම රජයේ මුදල් යොදා සිදු කල එකක් නොවන බවයි.
Wednesday, November 29, 2017
ගෝටාභය අත්අඩංගුවට නොගනු.. අධිකරණයෙන් නියෝග කෙරේ..
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment