අයහපත් කාලගුණය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 30, 2017

අයහපත් කාලගුණය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනය

දිවයිනේ නිරිත දෙසින් පැවැති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී කොළඹ සිට කිලෝමීටර් 200 ක් පමණ බස්නාහිර දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා තිබේ. ඒ අනුව එය තවදුරටත් වර්ධනය වෙමින් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇති බව දන්වා ඇත.

බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටෙක පැයට කිලෝමීටර 90ත් 100ත් දක්වා වැඩි විය හැකි බවද සඳහන් කර තිබේ. මේ හේතුවෙන් දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශවල තද වැසි සහ විටින් විට හමන තද සුළං පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වෙනු ඇති. 

දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සහ රථ මුහුදු ප්‍රදේශ තවදුරයත් බලාපොරොත්තු විය හැකි බවද දන්වා ඇත. දකුණ, සබරගමුව, මධ්‍යම, බස්නාහිර, සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් අතර ඉතා තද වැසි ඇති විය හැකි බවද පෙන්වා දී ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad