උදේ 7 වනවිට තත්වය - කොළඹ මෙම පාරවල්වල ගස් වැටී තිබේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 30, 2017

උදේ 7 වනවිට තත්වය - කොළඹ මෙම පාරවල්වල ගස් වැටී තිබේ


කොළඹට බලපා ඇති අධික සුළං තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රී ගස් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී ඇත. ගස් කඩා වැටීම් සහ මාර්ග දෙපස ඇති විශාල දැන්වීම් පුවරු පෙරළීම් හේතුවෙන්  අවහිරතා වලට ලක්වූ
මාර්ගවල වාහන ධාවනයද තවම යථා තත්වයට පත්ව නැත.

අද උදෑසන 7 වනවිට තත්වය අනුව කොළඹ බෞද්ධාලෝක මාවත, ඩුප්ලිකේෂන් පාර, සෙරමික් හන්දිය, හෙට්ටියාවත්ත හන්දිය, ටෙක්නිකල් හන්දිය, වැල්ලවත්ත ස්ටැෆඩ් හන්දිය, මෝදර පාර ඇතුළු තවත් ස්ථාන කිහිපයක මෙම අවහිරතා ඇති බව පොලිසිය දන්වා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad