ප‍්‍රභාකරන් තමවත් ජීවතුන් අතරයි.. වෙන නායකයෙක් අපට නෑ..- එජාප රාජ්‍ය ඇමතිනී විජේකලා කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 15, 2017

ප‍්‍රභාකරන් තමවත් ජීවතුන් අතරයි.. වෙන නායකයෙක් අපට නෑ..- එජාප රාජ්‍ය ඇමතිනී විජේකලා කියයි..

ප්‍රභාකරන් මිය ගිය බව පිළිගැනීමට නොහැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ නායකයා අද සමස්ත ශ්‍රී ලංකේය දෙමළ ප්‍රජාවගේම නායකයා බවත් ඔහුගේ නායකත්වය සියලු දෙනා පිළිගත යුතු බවත් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේන්ද්‍රන් පැවැසීය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිණී විජයකලා මහේන්ද්‍රන් මේ අදහස් ඵල කළේ යාපනයේ ඇයගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදීය. යුද්ධය ඉවර කළා කියලා කිව්වට ඇත්තටම ප්‍රභාකරන් මැරුණද එහෙමත් නැතිනම් තවමත් ජීවතුන් අතර ඉන්නවාද කියලා දෙමළ මිනිසුන් අතර දෙගිඩියාවක් තිබෙන බව පැවැසූ ඇමැතිණිය සත්‍ය වශයෙන්ම ප්‍රභාකරන් මිය ගියාද නැතිනම් තවමත් ජීවත් වෙනවාද යන්න රජය විසින් තහවුරු කළ බව පැවැසීය.

ඒ සඳහා කළ යුතු හොඳම දේ ප්‍රභාකරන්ගේ මරණ සහතිකය නිකුත් කිරීම බව පෙන්වා දුන් ඇය එය කළොත් පමණක් දෙමළ ජනතාව ප්‍රභාකරන් මිය ගිය බව පිළිගන්නා බව පැවැසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ මහේන්ද්‍රන් මහත්මිය,

“අද අපේ නායකා විදිහට ඉන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් මහත්තයා. රට තුළත් රටෙන් පිටත් ජීවත් වන දෙමළ ජනතාව අතරත් ඔහු තමයි අද නායකයකු ලෙස බිහිවෙලා ඉන්නේ. එතුමා තමයි අද ආණ්ඩුවත් එක්ක කැපකිරීම් කරමින් සහජීවනයෙන් වැඩ කරන්නේ. ඒ නිසා උතුරු නැගෙනහිරට අපි වෙන නායකයෙක් බලාපොරොත්තු වෙන්නේ නෑ. වෙන නායකයෙක් බිහි වෙනවනම් ඒක වෙන්න තව අවුරුදු 30ක් 35ක් යයි.

සම්බන්ධන් හරහා තමයි අපි බලාපොරොත්තු වන විසදුම ලබාගන්න ඕන. අපි අයෙත් මේ සංසාරේ කවදාවත් යුද්දෙකට යන්නේ නෑ. ඒක බොරු දෙයක්. උතුර නැගෙනහිර දෙක එකතු වෙන්න ඕන කියන එක තමයි අපේ ප්‍රතිපත්තිය. ප්‍රභාකරන්ගේ තිබ්බ මතයත් ඒක ම තමයි. ඒක නිසා උතුරු නැගෙනහිර සුලු පක්ෂ ආරවුල් ඇති කරගන්නේ නැතිව සම්බන්දන්ගේ නායකත්වය යටතේ අපි ඔක්කෝම එකට වැඩකරලා 2020 තුළදී විසදුමක් ලබා ගැනීමට සියලු දෙනාඅවදියෙන් ඉන්න ඕන..” යනුවෙන් ඇය පැවැසීය.

– adaderana.lk

No comments:

Post a Comment

Post Bottom Ad