ඉදිරි මැතිවරණයේදී එක්ව තරග වැදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් ඵක්‍ෂය සමග සාකච්චා කිරීමට නම් තීරණාත්මක කොන්දේසියක් ඉටු කරන්නේ නම් පමණක් සිදු කිරීමට ඒකාබද්ද විපක්ෂය තීරණය කර ඇත.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ ප්‍රධාන එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් කර ඒකාබද්ද විපක්ෂයට අගමැති ධුරය හෝ විපක්ෂ නායක ධුරය ලබා දිය යුතු බවට ඔවුන් විසින් කොන්දේසියක් පනවා තිබේ. ඒකාබද් විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම පාර්ලිමේන්තු සංකීර්නයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැුස්වී මෙම තීරණය ඊයේ දිනයේදී ගෙන ඇත.
එක්සත් ජාතික පක්ෂය සමග හවුල් ආණ්ඩුවක සිටිනා තාක් කල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු කරුණක් සම්බන්ධයෙන් සාකච්චා නොකිරීමටද මෙම හමුවේදී තීරණය කර තිබේ. මෙම සාතච්චාවේදී ගත් තීන්දු සම්බන්දයේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුවත් කිරීම සදහා මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් යුතු කමිටුවක්ද පත් කර ඇත.
Thursday, November 23, 2017
රනිල් එලවා මහින්දට අගමැතිකම දී ශ්‍රීලනිප-ඒකාබද්ද හවුලේ තරග කරන්න යෝජනා කෙරේ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment