දේශපාලනඥයින්ට දේශපාලනය පමණක් නොව යම්කිසි පෞද්ගලිකත්වයත් පවතින නිසා, ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ දුරකතන ටැෆ් කිරීමට උත්සහයක් පවතීනම් එය ප්‍රජාත්‍රන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝණය කිරීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ, රුපියල් ලක්ෂ 03 ක විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ ඉදි වූ හිඹුටු උයන නිවාස සංකීර්ණයේ නව ළමා ක්‍රීඩාංගණය දුවා දරුවන්ගේ අයිතියට පත් කිරීමට එක්වෙමින්ය. කොප් කමිටුවේ ඉන්න සාමාජිකයින් බැදුම්බර චෝදනාවට ලක්වූ අර්ජුන ඇලෝසියස් එක්ක කෝප් කමිටුවේ කාල සීමාව තුළ දුරකතන සංවාද හා පෞද්ගලික සම්බන්ධකම් තියා ගත්තා නම් ඒක වැරදියි.
හැබැයි මේකේ තියෙන භයානක පැත්ත තමයි රාජපක්ෂ ආණ්ඩුව අපි පෙරළෙව්වේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය නිදහස සාමය සුරක්ෂිත කරන්න. හැබැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය දන්නේ නැතිව මන්ත්‍රීවරුන්ගේ ටෙලිෆෝන් ටැප් කරනවානම්, මේක රාජපක්ෂ යුගයට එහා ගිය භීතියක් උපදවන දෙයක්. රටේ අගමැතිගේ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ටෙලිෆෝන් ටැප් කරනවානම් වැරදියි.
දේශපානඥයින්ටත් පෞද්ගලිකත්වයක් තියෙනවා. දේශපාලන කාරණා කතා කරන්න පුලුවන් පුද්ගලික කාරණා කතා කරන්න පුලුවන් . ඒ නිසා මෙහෙම ටෙලිෆෝන් ටැෆ් කරනවාම් එය ප්‍රජාත්‍රන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝණය කිරීමක්. අනෙක් පැත්තෙන් ඇලෝසියස් එක්ක කෝප් කමිටුවේ ඉන්නකම් පරීක්ෂණ කාලය තුළ සම්බන්ධකම් තියා ගත්තානම් ඒක සදාචාරාත්මකව සම්පූර්ණයෙන් වැරදියි කියලා නැතත් කියනවා යැයි පැවසීය.
– මිනුර රෂාන්ත
Monday, November 20, 2017
Home
දේශපාලන පුවත්
මේ ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුවටත් වඩා භීතිය උපදවනවා.. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අමු අමුවේ උල්ලංඝණය කරනවා..- මරික්කාර්
මේ ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුවටත් වඩා භීතිය උපදවනවා.. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අමු අමුවේ උල්ලංඝණය කරනවා..- මරික්කාර්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment