පුංචි ඡන්දයට පෙර ශ‍්‍රීලනිප නායකත්වය නැවත් මහින්දට..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 5, 2017

පුංචි ඡන්දයට පෙර ශ‍්‍රීලනිප නායකත්වය නැවත් මහින්දට..?

ඉදිරි පළාත් පාලන මැතිවණයට පෙර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වයෙන් ඉවත් වී එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලබා දීමේ සැලසුමක් ඇති බවට ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකු විසින් ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙකු හා පවසා ඇත.

එහිදී සැලසුම වී ඇත්තේ මැතිවරණය අවසන් වන තෙක් පමණක් ශ‍්‍රීලනිප නායකත්වය හිටපු ජනාධිපතිවරයාට පවරා ඉන් අනතුරුව නැවතත් මධ්‍යම කාරක සභාවේ අනුමැතියෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දීමටයි. මේ සම්බන්ධයෙන් වඩාත් අවධානයෙන් සිටින්නැයිද බස්නාහිර පළාතේ නොවන එම ශ‍්‍රිලනිප ප‍්‍රබලයා සදහන් කර ඇත. කිසිම හේතුවක් මත එක්සත් ජාතික පක්‍ෂය හා පවත්වාගෙන යන ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට අදහසක් ශ‍්‍රීලනිපය තුල නැති බවද ඔහු තව දුරටත් අදහස් පල කර තිබේ.

– අන්තර්ජාලයෙනි

No comments:

Post a Comment

Post Bottom Ad