ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ (27 දා) ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ පළාත් පාලන ආයතන වෙනුවෙන් ගාල්ල කච්ෙච්රියේදී ඇප මුදල් තැන්පත් කළ අයුරු.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයට තරග කිරීම
සඳහා කළුතර, ගාල්ල සහ ගම්පහ දිස්‌ත්‍රික්‌කවල පළාත් ආයතනවලට අදාළව ඊයේ (27දා) ඇපමුදල් තැන්පත් කරනු ලැබීය.
ඊයේ උදෑසන සර්ව ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුව මුලින්ම කළුතර දිස්‌ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ "පොහොට්‌ටුව" ලාංඡනය යටතේ තරග වැදීමට ඇප මුදල් තැන්පත් කෙරිණි. පක්‍ෂ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් ලේකම් නීතිඥ සාගර කාරියවසම් යන මහත්වරු ඇතුළුÊපක්‍ෂ නියෝඡ්තයෝ රැසක් එම අවස්‌ථාවට එක් වූහ. පානදුර, හොරණ, බේරුවල යන නගර සභා හා අගලවත්ත, බණ්‌ඩාරගම ප්‍රාදේශීය සභාව සඳහා මෙවර එම දිස්‌ත්‍රික්‌කයේ ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතය.
නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරීමෙන් පසුව මුලින්ම දේශපාලන පක්‍ෂයක් ලෙස ඇපමුදල් තැන්පත් කරනු ලැබුයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වීම විශේෂත්වයකි.
කළුතරට ඇප තැන්පත් කිරීමෙන් පසුව පෙරවරු 11.00 ට පමණ ගාල්ල දිස්‌ත්‍රික්‌කයටත් පස්‌වරු 2.30 ට පමණ ගම්පහ දිස්‌ත්‍රික්‌කයටත් එම පෙරමුණ ඇප මුදල් තැන්පත් කරනු ලැබීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් කළුතරට ඇප මුදල් තැන්පත් කරනු ලැබුවේ අම්බලන්ගොඩ, බලපිටිය, අක්‌මීමන, නෙළුව, හික්‌කඩුව යන පළාත් පාලන ආයතන සඳහාය.
මෙම අවස්‌ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරා, සබරගමු පළාත් සභාවේ හිටපු සභාපති කංචන ජයරත්න, දකුණු පළාත් සභාවේ උප සභාපති සම්පත් අතුකෝරල, දකුණු පළාත් සභා මන්ත්‍රී චම්ලි විතානාච්චි යන මහත්වරුන් ඇතුළු පොදුජන පෙරමුණේ ආධාරකරුවෝ පිරිසක් එක්‌ව සිටියහ.
මැතිවරණය පැවැත්වෙන පළාත් සභා ආයතනවලට අදාළ සෙසු දිස්‌ත්‍රික්‌කවලද අද (28දා) සිට ඇප මුදල් තැන්පත් කරන බව පොදුජන පෙරමුණ පවසයි. ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ වත්තල මාබෝල, මිනුවන්ගොඩ, ජාඇල, පෑලියගොඩ යන නගර සභා හා වත්තල හා බියගම ප්‍රාදේශීය සභා දෙක සඳහා පොදු ජන පෙරමුණ ගම්පහ දිස්‌ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ඡේ. ඒ. එස්. පී. ජයසිංහ මහතා වෙත ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.
රනිල් ධර්මසේන, අනුර බාලසූරිය, කළුතර සමූහ විජයසිරි විද්‍යාසේකර, ගාල්ල - ලලිත් චාමින්ද එස්. කේ. කළුආරච්චි ටෝනි කරුණානායක
Tuesday, November 28, 2017
ගාල්ල, කළුතර, ගම්පහට පොහොට්‌ටුව ඇප තබයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment