අද වන විට රටට කොන්ද පණ ඇති නායකයන් උවමනා කර තිබෙන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහතත්මිය පවසයි.
රට ඉදිරියට ගෙන යාම සදහා නම් රට කරවන අයට දර්ශණයක් තිබිය යුතු යයිද ඇය පෙන්වා දෙයි. ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශයේ බැවති උත්සවයක් අමතමින් ඇය මෙම අදහල් පල කලාය.
‘දර්ශණය මම හැදෙන්න නොවෙයි. මගේ සාක්කු හා මගෙ සහෝදර සහෝදරියන්ගෙ සාක්කු පුරවන්නත් නොවෙයි. අපේ දර්ශණය වෙන්න ඕන රට ඉදිරියට ගෙනයන වැඩපිලිවෙල මොකද්ද කියන එක. ඒ දර්ශණය ක්‍රියාත්මක කරන්න අපිට පැහැදිලි ක්‍රියාදාමයක් තිබෙන්න ඕන. දර්ශණයක් විතරක් තිබිල මදි.
ඒ සියල්ල කරන්න කොන්ද පණ ඇති නායකයො අවශ්‍යයි. එක්කෙනෙක් නොවෙයි ඔක්කොම නායකයො. උඩ ඉදන් පහලටම’ මෑතකදී කඩා වැටුනු මීතොටමුල්ලේ කුණු කන්ද ගැන තමන් දැනට වසර තුනකට කලින් ආණ්ඩුවට දැන්වූයේ යයිද කී ඇය එය ගණන් නොගෙන කඩා වැටෙන තුරුම සිටි බවද සදහන් කලාය.
‘පක්ෂවත් වෙන මොකක්වත් නොවෙයි රට වෙනුවෙන් වැඩ කරන වැඩ කරන ඕනම කෙනෙක්ට සහයෝගය දෙන්න. එහෙම නැතිව මේ රට කරන්න බෑ. ඒත් බැරිනං ඔක්කොම ක්ලෝස් ෆො බිස්නස් කියල වහල දාල අපි යන්න ඕන’.
Wednesday, November 29, 2017
කොන්ද පණ තියෙන නායකයෙක් ඕනෑ.. නැතිනම් කඬේ වහලා දාල අපි යන්න ඕනෑ..- චන්ද්‍රිකා
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment