ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීන් 10ක් ශ‍්‍රීලනිපය සමග එක්වන්න සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 29, 2017

ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීන් 10ක් ශ‍්‍රීලනිපය සමග එක්වන්න සූදානම්..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ඒකාබද්ද විපක්‍ෂය එක්ව තරග වැදීම සම්බන්ධයෙන් ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රී දස දෙනෙකු පමණ කැමැත්නේ සිටින බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත මහතා සදහන් කරන්නේ ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කර මන්ත‍්‍රීවරුන් 52කින් 40කට වැඩි ප‍්‍රමාණයක් මේ තත්වය යටතේ දෙපාර්ශවය එක්වීම සම්බන්ධයෙන් අකමැත්ත පල කර ඇති බවයි.

සාකච්චා සදහා සහභාගී වන ඒකාබද්ද විපක්‍ෂ නියෝජිතයන්ට දැනට උපදෙස් ලබා දී ඇත්තේ ශ‍්‍රීලනිපය එජාප ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් පමණක් තව දුරටත් ඉදිරියට සාකච්චා පවත්වාගෙන යන ලෙසයි. නැතහොත් රට පුරා පොහොට්ටුව ලකුණින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග වැදීමටද ඒකාබද්ද විපක්‍ෂය මේ වන විටත් තීරණය කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad