වෙල්ගම, සීබී, පවිත‍්‍රා, ප්‍රසන්න, දිලුම් ශ‍්‍රිලනිපයෙන් නෙරපා මන්ත‍්‍රී ධුරත් අහිමි කරන්න සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 13, 2017

වෙල්ගම, සීබී, පවිත‍්‍රා, ප්‍රසන්න, දිලුම් ශ‍්‍රිලනිපයෙන් නෙරපා මන්ත‍්‍රී ධුරත් අහිමි කරන්න සූදානම්..

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් වන කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, සී. බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි සහ දිලුම් අමුණුගම යන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැරසෙන බවට සමාජ ජාලාවන්හි මාධ්‍ය වාර්තා පලවෙයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙරාතුරව මෙම පිරිසට පාඩමක් ඉගැන්විය යුතු බැවින් මීළඟ මධ්‍යම කාරක සභාවේ දී විනය පරීක්ෂණ පැවැත්වීමේ තීන්දුව ගත යුතු බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සාකච්ඡා කර තිබේ. ඒ අනුව වහාම විනය පරීක්ෂණ පවත්වා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත් පසුව සන්ධානයේ මහලේකම්වරයා ලවා මැතිවරණ කොමිසම දැනුවත් කර එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරවලින් නෙරපා හැරීමටත් මෙම පිරිස සැලසුම් කර ඇත.

ඒකාබද්ධ විපක්ෂයේ බර කරට ගෙන සිටින ප්‍රබලයන් ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල කිරිමෙන් පසුව අනෙකුත් මන්ත්‍රිවරුන් නිතැතින්ම පක්ෂයේ තීන්දුවලට අනුකූල වන තත්ත්වයක් නිර්මාණය කළ හැකි බවත් මොවුන්ගේ අදහස වී තිබේ. මොවුන් අවධාරණය කර ඇත්තේ දැන්වත් ක්‍රියාත්මක නොවුවහොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිවකුටත් පාර්ලිමේන්තුවට යා නොහැකි බවය.

පරාජයෙන් ගැලවීම සඳහා නිදහස් පක්ෂයත් ඒකාබද්ධ විපක්ෂයත් අතර හවුල් ගිවිසුමක් ඇති කරගැනීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරී තිබේ. එහිදී එක් ඇමැතිවරයකු කියා ඇත්තේ වෙල්ගම, ප්‍රසන්න, පවිත්‍රා, සී. බී, දිලුම් වැනි මන්ත්‍රීවරුන් එවැනි හවුලක් ඇති වීමට දැඩි විරෝධයක් පළ කරන බැවින් පළමු වටයේ දීම ඔවුන්ට පාඩමක් ඉගැන්විය යුතු බවය.

ඒ අනුව මෙම මන්ත්‍රිවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිත අකර අදාළ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් පිළිබඳ නිරීක්ෂණය සදහා දැනටමත් සිය හිතවතුන් යොදවා  ඇතැයි වාර්තා වේ.

– අන්තර්ජාලයෙනි

No comments:

Post a Comment

Post Bottom Ad